මද සරුභාවය (Subfertility) ගැන මදක් දැනගනිමු.

ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය දරුවෙක් පිළිබඳ සිහින මවනවා විය හැක. නමුත්, ඇතැම්විට ඔබේ සිහිනය සැබෑවක් කරගැනීම අපහසු විය හැක. මෙය ඔබට පමණක් ඇති ගැටළුවක් යැයි කිසිවිටෙකවත් නොසිතන්න. මද සරුභාවය යනු ඔබ සහ ඔබේ සහකරු හෝ සහකාරිය කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, නිතිපතා ලිංගිකව එකතු වුවත් අවම වශයෙන් වසරක කාලයක් තුළ වත් පිළිසිඳ ගැනීමක් සිදුනොවීමයි. මෙය, ඔබගේ, සහකරුගේ, හෝ දෙදෙනාගේම පවතින ගැටළු නිසා ඇතිවීම සිදුවේ. තරුණ යුවලක් කිසිඳු පවුල් සැලසුම් ක්‍රමයක් භාවිතා නොකර, දරුවකු බළාපොරොත්තුවෙන් වසරක කාලයක් නිතිපතා ලිංගිකව එක්වන්නේ යැයි සිතමු. සාමාන්‍යයෙන්, පළමු මාසය තුළ පිළිසිඳ ගැනීමක් සිදුවන්නේ 10% ක ගේ පමණි. මාස 6 ක් ගතවන විට…


නව වසරේදී සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සාර්ථක කරගනිමු.

2016 වසරට සමු දී අප 2017 නව වසරට පා තබා ඇත්තෙමු. නව වසරේදී සුවැති දිවියක් පවත්වා ගැනීම සඳහා ඔබට සපුරාගැනීමට යම් යම් ඉලක්ක පැවතිය හැක. එය, බර අඩුකරගැනීම, දුම්පානය නතර කිරීම, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට හුරුවීම වැනි දෙයක් විය හැක. එසේනම්, ඔබේ ඉලක්කය සපුරාගැනීම සඳහා එයට අනුගත වියයුතු හොඳම ක්‍රමය කුමක්ද? මනෝ විද්‍යාඥයන්ට අනුව, යම් ඉලක්කයක් හොඳින්ම සාර්ථක කරගැනීම සඳහා, ඔබගේ ප්‍රධාන ඉලක්කය විශේෂිත, ප්‍රමාණවත්, නියමිත කාලයක් තුළ සපුරාගැනීමට හැකි කුඩා ඉලක්ක කිහිපයක් බවට පත්කල යුතුවේ. නව වසරේදී, සුවැති දිවියක් සඳහා ඔබේ ඉලක්ක සකස් කරගත යුතු ආකාරය පිළිබඳ ඉඟි ගණනාවක් පහත දැක්වේ. එක් ප්‍රධාන ඉලක්කයක් වෙන්කර ගන්න. එවිට, ඔබේ…


අමතර මේදය දහනය කිරීමේ මූලධර්ම කිහිපයක් දැනගනිමු.

අමතර මේදය දහනය කිරීම සඳහා තමාටම ආවේණික ආහාර වේලක් සහ ව්‍යායාම වැඩසටහනක් සැලසුම් කිරීම, යම්තාක් දුරට උඩුගං බලා පිහිනීමක් ලෙස හැඳින්විය හැක. මක්නිසාද, මේදය දහනය කිරීම සඳහා ඇති හොඳම ක්‍රමවේදය පිළිබඳව එකිනෙකට වෙනස් මත සහ අදහස් ගණනාවක් පවතී. මේ නිසා, ඔබ මදක් විමතියට පත්විය හැක. අමතර මේදය දහනය කිරීමට කුමක් කල යුතුද යන්න ඔබටම සිතාගැනීමට අපහසු වනු ඇත. ඔබේ සිතට පහත සඳහන් ගැටළු පැන නගිනු නිසැකය. කාබෝහයිඩ්‍රේට්-අඩු ආහාර සැලසුමක් තොරාගන්නවාද? මේදය-අඩු ආහාර සැලසුමක් තෝරාගන්නවාද? කැලරි සංඛ්‍යාවන් ගණනය කල යුතුද, නැතිද? වඩා සුදුසු ශක්ති වර්ධන ව්‍යායාමද, ස්වායු ව්‍යායාමද? මේදය දහනය කිරීම සඳහා ප්‍රෝටීන් කොපමණ ගත යුතුද? මෙවන් ගැටළු වලින් ඔබ විඩාවට…


අධික රුධිර පීඩනය වැළඳීමට ඔබටත් අවදානමක් තිබෙනවාද?

අධික රුධිර පීඩනය (Hypertension) යනු බෝනොවන රෝග කාණ්ඩයට අයත් රෝග වලින් එකකි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රෝහල් තුළ සිදුවන මරණ සංඛ්‍යාවෙන් 1.5% කට හේතුවන්නේ අධික රුධිර පීඩනයයි. විශේෂත්වය වන්නේ, මෙම රෝගය වැළඳුනු බොහොමයක් රෝගීන්ට, එනම් අධික රුධිර පීඩනය ඇති 80-90% කට පමණ කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවීමයි. එවැනි රෝගීන්ට, ජීවිතයට අනතුරක් වියහැකි මට්ටමකට රුධිර පීඩනය වැඩිවූ විට පවා කිසිඳු රෝග ලක්ෂණයක් පහළ නොවේ. අධික රුධිර පීඩනය වැළඳීම සඳහා හේතුවිය හැකි අවදානම් සාධක ගණනාවක් පවතී. මෙම රෝගය වැළඳීමට ඔබටත් අවදානමක් ඇතිදැයි මදක් විමසා බැලීම වැදගත් විය හැක.   වයස අධික රුධිර පීඩනය වැළඳීමට ඇති අවදානම, වයස වැඩිවීමත් සමගම ක්‍රමයෙන් ඉහළ යයි. පිරිමි…


පොල්තෙල් වලින් ආහාර පිසීමේ ඇති වාසි සහ අවාසි

ආහාර පිසීම සඳහා පොල්තෙල් භාවිතා කිරීම, සෞඛ්‍ය විද්‍යාත්මකව තරමක් මතභේදාත්මක කරුණක් ලෙස හැඳින්විය හැක. නමුත්, පොල්තෙල් යනු ශ්‍රී ලාංකික ආහාර වල ඇති අත්‍යාවශ්‍ය අංගයකි. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීමට උපදෙස් ලබාදීමේදී, පොල්තෙල් භාවිතය සීමාකිරීමට උපදෙස් දෙන්නේ එහි හෘද රෝග වැළඳීමට ඇති අවදානම වැඩිකරන සංතෘප්ත මේදය බහුලව අඩංගු වන නිසාය. කෙසේ වුවත්, නවතම පර්යේෂණ මගින් හෙළිවී ඇත්තේ, සෑම සංතෘප්ත මේදයක්ම එක සමාන නොවන බවයි. එම පර්යේෂණ වලට අනුව, ඇතැම් සංතෘප්ත මේද අම්ල, හෘද රෝග අවදානම වැඩිකරන අතර, ඇතැම් ඒවා සෞඛ්‍යයේ මනා පැවැත්මට වැදගත් බව සොයාගෙන ඇත.   සෞඛ්‍ය සම්පන්න දිවියකට ඇති වාසි සංතෘප්ත මේදය, කාණ්ඩ ගණනාවකට බෙදා වෙන්කරන අතර, සෑම…


දරුවාට ක්ලාන්තයක් සෑදුනහොත් කුමක් කල යුතුද?

ක්ලාන්තයක් යනු තාවකාලිකව ඇතිවන සිහි මුර්ජාවීමක් ලෙස හැඳින්විය හැක. දරුවා විජලණය වීම, අධික තාපය, රුධිරයේ සීනි මට්ටම අඩුවීම, අධිකව වෙහෙසීම, අභ්‍යන්තර රෝග තත්ත්ව නිසා මෙන්ම, ඇතැම් විට මානසික ආතතිය නිසාද ක්ලාන්තය ඇතිවිය හැක. කෙසේ වුවත්, ඔබේ දරුවාට ක්ලාන්තයක් ඇතිවුවහොත්, වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. මක්නිසාද, එමගින් ක්ලාන්තය ඇතිවීමට හේතුවූ සැබෑ කාරණය හඳුනාගැනීමට හැකිවන අතර, නැවත ක්ලාන්තයක් ඇතිවීම මගහරවා ගැනීමටද එය උපකාරී වේ.   ක්ලාන්තය ඇතිවීමේදී හටගන්නා රෝග ලක්ෂණ මොනවාද? ක්ලාන්තය ඇතිවීමට මොහොතකට පෙර පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කරකැවිල්ල හිස තෝන්තු වූවාක් සේ දැනීම සුදුමැලි වීම සමබරතාවය බිඳීයාම පෙනීම වෙනස්වීම හෘද ස්පන්දනය හෝ නාඩි වැටීම වේගවත්වීම හෝ අක්‍රමවත්වීම අධිකව…


නවීන සමාජයේ සරළව ජීවත්වීමට ක්‍රම 6 ක්

අපගේ ජීවිතය පහසු කරගැනීම සඳහා විවිධ පහසුකම් වත්මන් සමාජයේ පවතී. විටෙක, එවැනි පහසුකම් අපට පහසුවක් වුවද, ඇතැම්විට ඒවා අපේ ජීවිතය සංකීර්ණ කරන අවස්ථාද නැතුවා නොවේ. එසේ වුවද, නවීන සමාජයේ ජීවත්වන බොහොමයක් අය සරළ ජීවිතයක් ගතකිරීමට සිහින දකියි. එවැනි අය, වැවක් අද්දර වාඩිවී සිටීම, ස්වභාවික පරිසරයේ කාලය ගතකිරීම වැනි දේ සැලසුම් කරයි. නමුත්, යතාර්ථය විසින් එවැනි සිහින බිඳ දමනු නිතර දැකිය හැකි දෙයකි. එසේ වුවත්, උත්සාහය අත්හැරීමට අවශ්‍ය නැත. අපගේ ජීවිත සරළ කරගැනීමට ක්‍රම ගණනාවක් ඇත. සරළ දිවියක් ගතකිරීම ගැන සිතන බොහෝ අයගේ සිහියට නැගෙන්නේ වන ලැහැබක් මැද නිවසක ජීවත්වීම, පිටිසර පළාතකට ගොස් ජීවත්වීම වැනි දේවල්ය. නමුත්, සරළව ජීවත්වීමට නවීන සමාජයෙන්…


ශාරීරික යෝග්‍යතා මට්ටම වැඩිදියුණු කරගැනීමට ඉඟි කිහිපයක්

ඔබගේ ශාරීරික යෝග්‍යතා මට්ටම වැඩිදියුණු කරගැනීමට ක්‍රම ගණනාවක් පවතී. ඔබට අවශ්‍ය කරන්නේ හෘත්වාහිනික දරාගැනීමේ හැකියාව (Cardiovascular endurance), ශක්තිය, හෝ නම්‍යශීලීතාවය වැඩිකර ගැනීමටද? ඒ සඳහා ඔබට උපකාර කලහැකි ව්‍යායාම ගණනාවක් පවතී. ඒ අතර දිවීම, පිහිනීම, හෝ බයිසිකල් පැදීම වැනි ස්වායු ව්‍යායාම මෙන්ම, බර එසවීමේ ව්‍යායාමද ඇත. මෙවැනි ශාරීරික ක්‍රියාකාරකම් ඔබට තනිවම, කණ්ඩායමක් සමග, ගෘහස්ථව, බාහිර ක්‍රීඩාංගනයක, හෝ ව්‍යායාම උපදේශකයෙකු සමග කලහැක. එය තීරණය කරන්නේ ඔබේ රුචිකත්වයයි.   නිතර ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න. ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කරගැනීම සඳහා ව්‍යායාම කරන වාර ගණන ඉතා වැදගත් සාධකයකි. ඔබගේ ඉලක්කය කුමක් වුවත්, එහි සාර්ථක ප්‍රතිඵල දැකීම සඳහා නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදීම කල යුතුවේ. බොහොමයක්…


වේදනාකාරී ඔසප්වීමට ප්‍රතිකාර කරන්නේ කෙසේද?

වේදනාකාරී ඔසප්වීම ඇති කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවිය යුතු අවස්ථා පිළිබඳ පැහැදිලි කිරීමක් මින් පෙර ලිපියේ අප සඳහන් කලා. මෙම තත්ත්වය ඇති කාන්තාවක් නාරිවේදය සහ ප්‍රසවවේදය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකු මුණගැසීම වඩා උචිත වේ. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, වෛද්‍යවරයා හමුවීමට ඔබ සූදානම් විය යුත්තේ කෙසේද සහ වේදනාකාරී ඔසප්වීමට ඇති ප්‍රතිකර්ම පිළිබඳව පැහැදිලි කිරීමයි.   වෛද්‍යවරයා වෙත පැවසීමට මතක තබාගත යුතු කරුණු මොනවාද? ඔබේ රෝගය හා සම්බන්ධ ඇතැම් වැදගත් කරුණු, ප්‍රතිකාර නියම කිරීම සඳහා වෛද්‍යවරයාට වැදගත් වේ. ඒවා නම්: රෝග ලක්ෂණ නිසා ඔබේ එදිනෙදා දිවියට කොතරම් බලපෑමක් සිදුවන්නේද යන්න. වේදනාකාරී ඔසප්වීම ආරම්භ වූයේ කවදාද? ඔබට ඇති වෙනත් සෞඛ්‍ය ගැටළු සහ රෝග. ඔබේ පවුලේ සාමාජිකයන්ට…


බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී සිරවුවහොත් කුමක් කල යුතුද?

ඔබ ක්‍රමයෙන් බර අඩුකරගෙන යනවිට යම් මට්ටමකදී, තවදුරටත් ඔබේ බර අඩුනොවී නතරවීමට පුලුවන. ඔබේ ඉලක්කය කරා යෑම සඳහා තදින් ව්‍යායාම කරමින් සහ ගන්නා කැලරි ප්‍රමාණය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරමින් සිටින විට පවා හදිසියේම ඔබ සිරවීමකට ලක්විය හැක. ඔබ කොතරම් උත්සාහ කලත්, ඔබේ තරාදියේ යම් අගයකින් එහාට ගමන් කිරීමට නොහැකිවිය හැක. මෙය, සාමාන්‍ය දෙයක්ද, නැතහොත් බර අඩුකරගැනීමට උත්සාහ කරන සැමදෙනාම අත්දකින තත්ත්වයක්ද? ඔබට මෙම ප්‍රශ්න සිතට නැගෙනවා ඇත. බොහෝවිට, මෙම සිදුවීමට හේතුව වන්නේ ඔබේ ඉලක්කය කරා ගමන්කිරීමේදී, කාලය ගතවත්ම ඔබගේ වෑයම සහ උද්‍යෝගය ක්‍රමයෙන් හීනවී යාමයි. එනම්, යම් කාලයක් ගතවූ විට, ඔබ මුලින් කල උත්සාහය, 100% කින්ම කරගෙන යන්නේ නැත….


අධික රුධිර පීඩනය ගැන මදක් දැනගනිමු.

අධික රුධිර පීඩනය (Hypertension) යනු බහුලව දක්නට ලැබෙන බෝනොවන රෝග තත්ත්වයකි. මෙම රෝගය නිසා ඔබේ ශරීරයේ ඇති ධමනි (Arteries) ලෙස හැඳින්වෙන රුධිර නාල වල බිත්ති මත දිගුකාලීනව දැඩි පීඩනයක් ඇතිවන අතර, එමගින් විවිධ සංකූලතා ඇතිවිය හැක. එමනිසා, අධික රුධිර පීඩනය ගැන දැනගැනීම වැදගත් වේ. ඔබේ හෘදය මගින් රුධිරය පොම්ප කරන පරිමාව සහ රුධිරය ගලායාමට එරෙහිව රුධිර වාහිනී තුළ ඇතිවන ප්‍රතිරෝධය යන සාධක මත රුධිර පීඩනය රඳා පවතී. එනම්, ඔබේ හෘදය වැඩි රුධිර පරිමාවක් පොම්ප කරන්නේ නම් හෝ ධමනි වල කුහරය පටු නම්, ඔබේ රුධිර පීඩනය වැඩිවේ. සාමාන්‍යයෙන්, රුධිර පීඩනය අගයයන් දෙකකින් නිරූපනය කරන අතර, රුධිර පීඩනය රසදිය මිලිමීටර් (mmHg) වලින්…


ආහාර පාන සුරක්ෂිතව ගබඩාකර තබාගන්නේ කෙසේද?

ඔබ පරිභෝජනය කරන ආහාර පාන සුරක්ෂිතව ගබඩා කිරීම, ඔබේ සෞඛ්‍යය රැකගැනීමට අත්‍යාවශ්‍ය වන ක්‍රියාවලියකි. ආහාර සුරක්ෂිතව තබා නොගැනීම නිසා, ආහාර නාස්තිවීම වැඩිවන අතර, විවිධ රෝග හටගැනීමටද මග පෑදිය හැක. එමනිසා, ආහාර සුරක්ෂිතව ගබඩාකර ගැනීම ගැන ප්‍රමාණවත් ප්‍රායෝගික දැනුමක් ඔබ සතුව පැවතීම වැදගත් වේ. ටින්, කෑන්, පැකට්, සහ බෝතල් වල අසුරා ඇති ආහාර, ශීතකරණයක් තුළ ගබඩා කලයුතු යැයි විශේෂයෙන් සඳහන් කර නැත්නම්, වියලි සහ සිසිල් ස්ථානයක කෘමීන්ට සහ මීයන්ට හසුනොවන සේ තබන්න. එමෙන්ම, හැකිනම් එදිනෙදා පරිභෝජනයට අවශ්‍ය ආහාර, අලුත් සහ නැවුම් ලෙස එදිනම මිළදී ගැනීමට කටයුතු කිරීම වඩා උචිතය. ආහාර දිගු කාලයක් තබාගැනීමට අවශ්‍ය නම්, ශීතකරණයේ හෝ අධිශීතකරණයේ තැබීම කලහැක. සැමවිටම…


දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත් කුමක් කල යුතුද?

කනේ වේදනාවන් ඇතිවීම දරුවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. මෙය, කන් බෙරයට පිටුපසින් දියර එකතුවීම, මැදකනේ ආසාදනයක් ඇතිවීම, හෝ බාහිර ශ්‍රවණ නාලයේ ආසාදනයක් ඇතිවීම නිසා ඇතිවිය හැක. විශේෂයෙන්, වයස අවුරුදු 5 ට වඩා අඩු දරුවෙකුට ශ්වසන පද්ධතියේ ඉහළ කොටස්වල ආසාදනයක් ඇතිවූ පසු, කනේ ආසාදනයක් ඇතිවීමට වැඩි අවදානමක් ඇත. මෙම ලිපියෙහි අරමුණ වන්නේ, ඔබේ දරුවාට කනේ වේදනාවක් ඇතිවුවහොත්, කුමක් කලයුතුද යන්න පැහැදිලි කිරීමයි.   රෝග ලක්ෂණ හඳුනාගැනීම කනේ ආසාදනයක් ඇතිවූ විට පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. කනේ වේදනාව. මෙය විශේෂයෙන්, සපන විට, කිරි හෝ වෙනත් දියරයක් උරා බොන විට, හෝ හාන්සි වී සිටින විට ඇතිවිය හැක. කන් පෙත්තෙහි ඉදිමීමක් හෝ…