සාමාන්‍ය සෞඛ්‍යය

මුඛයෙන් දුගඳක් පිටවීම ඔබටත් ගැටළුවක්ද?

මුඛයෙන් දුගඳක් පිටවීම (Halitosis) සමාජයේ බහුලව පවත්නා ගැටළුවකි. එය සමාජය ඉදිරියේ ඔබව අපහසුතාවයට පත්කිරීමට ද සමත්ය. මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා හේතු කිහිපයක් බලපායි. මුඛයෙන් දුගඳක් පිටවන්නේ ඇයි දැයි විමසා බලමු. අයහපත් මුඛ සෞඛ්‍යය මුඛයෙන් දුගඳක් පිටවීම සඳහා ප්‍රධානතම හේතුව අයහපත් මුඛ සෞඛ්‍යය වේ. සාමාන්‍යයෙන්, ඔබගේ දත්, විදුරුමස්, දිව, සහ මුඛයේ ඇති අනෙකුත් පටක මත බැක්ටීරියා වර්ධනය වීම සිදුවේ. මෙම බැක්ටීරියා ඔබගේ දත් මතුපිට සුදු පැහැති ද්‍රව්‍යයක් සාදන අතර, දත් අතර සිරවන සහ මුඛය තුළ පවතින ආහාර කැබලි රසායනිකව බිඳ දමමින් දුගඳකින් යුතු වායූන් නිපදවයි. ඔබ නිසියාකාරව දත් මදින්නේ (Brush) සහ දත් අතර නූලකින් පිරිසිදු කරන්නේ (Floss) නැත්නම්, දත් අතර සිරවන…


ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!

සාමාන්‍යයෙන්, උගුරේ ආසාදනයක් ඇතිවිට උගුර සේදීමෙන්, රෝග ලක්ෂණ තරමක් සමනය වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. උගුර සේදීමෙන් ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීම වැලැක්වීමට සහ ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකි යැයි කිවහොත් ඔබ විමතියට පත් වේවි. උගුර සේදීම සම්බන්ධව කල පර්යේෂණ දෙකකින් මෙය තහවුරු වී තිබෙනවා. ජපානයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ක්යෝටෝ විශ්ව විද්‍යාල පාසලේ (Kyoto University School of Public Health), මහජන සෞඛ්‍යය සහ අන්තර්ජාතික සෞඛ්‍යය පිළිබඳ දෙපාර්තමේන්තුවේ (The Department of Public Health and International Health) පර්යේෂකයන් පිරිසක් මෙයින් එක් පර්යේෂණයක් කර තිබෙනවා. ඔවුන් 2002 සහ 2003 වසර වල අධ්‍යයනය සිදුකර, එහි දත්ත 2003 සහ 2004 වසර වලදී විශ්ලේෂණය කර තිබේ. ඔවුන්…


ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?

පෙනීම යනු අපගේ ජීවිතයට අත්‍යාවශ්‍යම සංවේදනයකි. පෙනීම නැතිව ජීවත්වීම ඉතාමත් අපහසු දෙයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. අපට පැහැදිලි පෙනීමක් ලබාදීම සඳහා අපගේ ඇස තුළ තරමක් සංකීර්ණ වූ ස්වාභාවික කාච සහ ස්නායු පද්ධතියක් පවතී. ජීවිතයට මෙතරම් වැදගත් වන ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද? ඔබට දැනටමත් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෝ රුධිරයේ අධික ලෙස කොලෙස්ටරෝල් පවතී නම්, ඒවාට ඔබගේ ඇසට හානිකිරීමට හැකියාව පවතී. එමනිසා, අධි රුධිර පීඩනය, දියවැඩියාව, සහ කොලෙස්ටරෝල් මට්ටම මනාව පාලනය කිරීම ඔබගේ පෙනීම ආරක්ෂා කරගැනීමට වැදගත් වේ. දියවැඩියාව පාලනය නොකිරීම නිසා, රුධිරයේ ඇති අධික සීනි මගින් ඔබගේ ඇසේ දෘෂ්ටිවිතානයේ (Retina) ඇති කුඩා රුධිර වාහිනී වලට හානි පැමිනේ. එමගින්,…


මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

මත්පැන් හෙවත් ඇල්කොහොල් භාවිතය පිළිකා වලට අත වනන්නේ කොහොමද? නවතම පර්යේෂණයක් මගින් මත්පැන් භාවිතය ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව සොයාගෙන තිබෙනවා. දිනකට ඇල්කොහොල් ග්‍රෑම් 10 ක් (බියර් කෑන් 1 ක්, වයින් මිලිලීටර් 150 ක්, අරක්කු, රම්, විස්කි, හෝ වොඩ්කා මිලිලීටර් 45 ක් පමණ) පානය කිරීමෙන් පවා පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවන බව සොයාගෙන තිබෙනවා. ඇල්කොහොල් භාවිතා කරන ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම අවදානම තවත් ඉහළ යන බවයි පැවසෙන්නේ. මධ්‍යස්ථ ප්‍රමාණ වලින් මත්පැන් භාවිතා කිරීම හෘද රෝග වලින් ආරක්ෂා වීමට හොඳ උපක්‍රමයක් බව අතීතයේ දී මිනිසුන් විශ්වාස කලා. නමුත්, නව පර්යේෂණය මගින් මත්පැන් භාවිතය පිළිකාවට අත වනන බව සොයාගැනීම නිසා, මත්පැන්…


සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇතිවිය හැකි සංකූලතා

මිනිසාට වැළඳෙන රෝග අතරින් බහුලවම පවතින රෝගය සෙම්ප්‍රතිශ්‍යාව වේ. සාමාන්‍යයෙන් එය සතියක් හෝ දෙකක් තුළ කිසිඳු සංකූලතාවයකින් තොරව සුව වේ. නමුත්, ඇතැම්විට සමහර සෙම්ප්‍රතිශ්‍යා රෝගීන්ට බරපතළ සහ දිගුකල් පවත්නා සංකූලතාවයන් ඇතිවීම සිදුවේ. එමනිසා එම සංකූලතාවයන්ගේ ලක්ෂණ දැනගැනීම වැදගත් වියහැක. එවැනි රෝගීන්ට වැඩිදුර ප්‍රතිකාර මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ද අවශ්‍ය විය හැක. කෝටර දාහය (sinusitis) කෝටර යනු මුහුණේ අස්ථි තුළ පවත්නා වාතය පිරි කුහර විශේෂයකි. ඒවා නාස් කුහරය වටා පිහිටා ඇත. මෙම කුහර ශ්ලේෂ්මල පටලයකින් හෙවත් තුනී සෛල ස්ථරයකින් ආස්තරය වී ඇති අතර කුඩා සිදුරු මගින් නාස් කුහරය හා සම්බන්ධ වේ. කෝටර තුළ ඇතිවන ප්‍රදාහය කෝටර දාහය ලෙස හැඳින්වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුනු වැඩිහිටියන්…


සැවොම දන්නා සෙම්ප්‍රතිශ්‍යාව

සෙම්ප්‍රතිශ්‍යාව මිනිස් සමාජය තුළ බහුලවම පැතිරුණු රෝගය වේ. එයට හේතුව එහි ආසාදනය වීමේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පැවතීම වේ. සෙම්ප්‍රතිශ්‍යාව වැඩි වශයෙන් ශ්වසන පද්ධතියේ ඉහළ කොටසේ (විශේෂයෙන් නාස් කුහර තුළ) සහ මද වශයෙන් ශරීරයේ සෙසු කොටස්වල රෝග ලක්ෂණ ඇති කරයි. මෙම රෝගය ඇතිවීමට වෛරස රාශියක් හේතුවන අතර රයිනෝ වෛරසය (Rhinovirus) ඒ අතරින් ප්‍රධාන තැනක් ගනී. කොරෝනා වෛරසය (Coronavirus) සහ ඇඩිනෝ වෛරසයද (Adenovirus) එයට අයත් වේ. සෙම්ප්‍රතිශ්‍යා රෝගය ඇතිකරන රයිනෝ වෛරස වර්ග 100 කට අධික ප්‍රමාණයක් පවතී. එමනිසා, මෙම රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීමට ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඉතාමත් අපහසු වේ. බොහෝවිට එක් පුද්ගලයෙකුට වසරක් තුළ සෙම්ප්‍රතිශ්‍යාව දෙවරක් හෝ තෙවරක් වැළඳිය හැක. එසේ…


හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?

හෘදයාබාධයක් යනු ඔබගේ ජීවිතය අතරමග නතර කිරීමට හෝ ඔබව සදාකාලික රෝගියෙක් බවට පත්කිරීමට සමත් භයානක රෝගී තත්ත්වයකි. එමනිසා හෘදයාබාධයක් ඇතිවීම වලක්වා ගැනීම වැදගත් වේ. ඔබගේ ජීවන රටාව මදක් වෙනස් කිරීමෙන් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩුවන බව ඔබ දන්නවාද? ජීවන රටාවේ වෙනස්කම් මගින් හෘදයාබාධයක් ඇතිවීම සියයට සියයක්ම වලක්වන්නේ නැතිමුත් හෘදයාබාධයක් හටගැනීමේ අවදානම සැලකිය යුතු ලෙස පහත දමයි. දුම්පානය හෘදයාබාධ ඇතිවීම සමග තදින්ම සම්බන්ධ බැවින් දුම්පානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න. අධික ලෙස මත්පැන් පානය කිරීම හෘදයාබාධ හටගැනීමේ අවදානම වැඩි කරයි. එමනිසා ඔබ මත්පැන් පානය කරන්නේ නම් එය අඩුකිරීම හෝ නවතා දැමීම සුදුසුය. දිනකට අවම වශයෙන් විනාඩි 30ක් වත් වේගයෙන් ඇවිදීම, දිවීම,…