සාමාන්‍ය සෞඛ්‍යය

අර්ශස් අමාරුව සුව කරගන්නේ කෙසේද?

අර්ශස් අමාරුව (Haemorrhoids) සඳහා රක්තාරිතාභය සහ මූලරෝගය යන නම්ද භාවිතා වේ. ගුද මාර්ගයේ සහ ගුදයෙහි ඇති ශිරා නැමැති රුධිර වාහිනී ඉදිමී, නෙරා විත්, ප්‍රදාහයක් ඇතිවීම අර්ශස් අමාරුව ලෙස හැඳින්විය හැක. මෙය ගුද මාර්ගයේ සහ ගුදයේ නහර ගැටගැසීමක් ලෙසත් හැඳින්වීමට පුලුවන. සාමාන්‍යයෙන්, වයස අවුරුදු 30 ට පසු, ජනගහණයෙන් භාගයකට වඩා මෙම රෝගයෙන් පීඩා විඳී. අර්ශස් අමාරුව ආකාර දෙකකින් පවතී. ඒ බාහිර සහ අභ්‍යන්තර අර්ශස් අමාරුව ලෙසිනි. බාහිර අර්ශස් අමාරුව (External haemorrhoids) බාහිර අර්ශස් අමාරුව ගුද විවරය ආසන්නයේ ඇතිවන අතර, රක්තාරිතාභ (Haemorrhoids) සමෙන් ආවරණය වී පවතී. සාමාන්‍යයෙන් ඒවා වේදනාකාරී නොවේ. නමුත්, රක්තාරිතාභය තුළ ලේ කැටියක් (Blood clot) ඇතිවුවහොත්, එය දැඩි වී, වේදනාකාරී…


ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාද?

ඔබේ ගෙල දෙපස, ගෙල පිටුපස, දණහිස්, වැලමිට, අතේ මිට, සන්ධි අවට වැනි සමේ රැලි හා නැමුම් ඇති ස්ථාන වල අඳුරු පැහැයක් ඇතිවී, සම ඝනකම් වී, ලප හෝ ඉරි ලෙස දිස්වෙනවාද? මෙය ඇකන්තෝසිස් නයිග්‍රිකන්ස් (Acanthosis nigricans) නම්වූ සමෙහි ඇතිවන තත්ත්වයකි. ඔබගේ ගෙල හෝ දරුවාගේ ගෙල කලු පැහැ වෙලාදැයි විමසිලිමත් වන්න. මෙය ගෙලෙහි බහුලව දිස්වේ. ඇතැම් අයගේ අත්ල, යටි පතුල, ඉකිලි, කිහිලි, සහ තොල් වලද මෙය දක්නට ලැබේ. ඉතාමත් කලාතුරකින්, සමෙහි නැමුම් හෝ දාර නොමැති මුහුණ, පිට, අත්, සහ පාද වැනි ස්ථාන වලද මෙම තත්ත්වය ඇතිවිය හැක. ඇතැම් විට, සම ඝන නොවී, මෘදුව විල්ලුද ආකාරයට ද පැවතිය හැක. සමේ මෙම තත්ත්වය ඇති…


දියවැඩියාව (Diabetes mellitus) යනු කුමක්ද?

ඉන්සියුලින් යනු උදරයේ ඇති අග්න්‍යාශය හෙවත් ඇලදිව නැමැති අවයවයෙන් ශ්‍රාවය කරන හෝමෝනයකි. එය රුධිරයේ ඇති සීනි හෙවත් ග්ලූකෝස් මට්ටම පාලනය කරයි. දියවැඩියාව (Diabetes mellitus) යනු ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය වීම අඩුවීම, ශරීරයේ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම (Insulin resistance), හෝ එම කාරණා දෙකම නිසා දිගුකාලීනව රුධිරයේ සීනි මට්ටම වැඩිවීමෙන් ඇතිවන තත්ත්වයකි. ඉන්සියුලින් ඌණතාවය සහ ඉන්සියුලින් හෝමෝනයේ ක්‍රියාකාරීත්වයට ප්‍රතිරෝධයක් ඇතිවීම නිසා ශරීරය තුළ ග්ලූකෝස් භාවිතා වීම අඩුවන අතර, ග්ලූකෝස් නිෂ්පාදනය ද වැඩිවේ. එමනිසා, රුධිරයේ සීනි මට්ටම වැඩිවේ. දියවැඩියාව වැළඳුන පසු යලි සුවකල නොහැක. නමුත් එම රෝග තත්ත්වය පාලනය කල හැක. දියවැඩියාව නිසා ඇතිවන සංකූලතා ප්‍රධාන වශයෙන් කොටස් 2 කට බෙදේ. එවා නම්,…


දියවැඩියාව පාලනය කිරීමට ඉඟි 10 ක්

දියවැඩියාව යමෙකුට වැළඳුන පසු එය සුව කිරීමට හැකියාවක් තවම නැහැ. දියවැඩියා රෝගියෙකුට තම සෞඛ්‍යය හැකි පමණින් හොඳින් තබාගැනීමට කලහැකි එකම දෙය නම් රෝගය පාලනය කිරීම පමණයි. එමනිසා, දියවැඩියාව පාලනය කිරීමට පහත සඳහන් ඉඟි 10 ඔබට ප්‍රයෝජනවත් වේවි. ඔබේ බර පාලනය කරගන්න ඔබගේ ශරීර ස්කන්ධ දර්ශකය (Body Mass Index/BMI) 18.5 සහ 24.9 අතර තබාගන්න. වඩාත්ම සුදුසු වන්නේ, එය 22 සහ 23 අතර තබාගැනීමයි. ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම, රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට බෙහෙවින් ඉවහල් වේ. ශාරීරික ක්‍රියාකාරකම් වල යෙදෙන්න. අවම වශයෙන් සතියකට දවස් 5 ක් බැගින්, දවසකට විනාඩි 30-45 ක් සෙමින් දිවීම, වේගයෙන් ඇවිදීම, බයිසිකල් පැදීම, හෝ නර්ථනයක…


ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව ඔබටත් ගැටළුවක්ද?

ගැස්ට්‍රයිටිස් (Gastritis) අමාරුව වත්මන් සමාජයේ බහුලව පවත්නා ගැටළුවක් වන අතර, ‘ගෑස්ටික්’, ‘ගෑස්’, සහ ‘බඩේ ගෑස්’ වැනි නම් වලින් ද ඇතැම් අය අතර ප්‍රචලිතව තිබෙනවා. ගැස්ට්‍රයිටිස් යනු ආමාශයේ ආස්තරණය හෙවත් ආමාශ බිත්තියෙහි ඇතුළු පැත්තෙහි ඇතිවන ප්‍රදාහයක් (Inflammation) වේ. ගැස්ට්‍රයිටිස් තත්ත්වය කෙටි කාලයක් තුළදී මතුවිය හැකි අතර (කෙටිකාලීන ගැස්ට්‍රයිටිස්/Acute gastritis), දිගුකාලයක් තිස්සේ සෙමින්ද මතුවේ (දිගුකාලීන ගැස්ට්‍රයිටිස්/Chronic gastritis). ඔබට පාලනයකින් තොරව ගැස්ට්‍රයිටිස් අමාරුව ඇත්නම්, ආමාශයේ තුවාල සහ ආමාශයේ පිළිකා ඇතිවීමට ඇති අවදානම වැඩිවේ. නමුත්, ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඖෂධ සහ ජීවන රටාවේ ඇතිකරගන්නා වෙනස්කම් මගින් සුවකරගත හැක.   ගැස්ට්‍රයිටිස් වල රෝග ලක්ෂණ බඩේ ඉහළ ප්‍රදේශයේ ඇතිවන දැවිල්ලක් හෝ කැක්කුමක්. වමනය යෑමට ආසන්න සේ හැඟීම හෝ…


නියපොතු ලස්සන කරගන්නේ කෙසේද?

නියපොතු ලස්සන කරගන්න කාන්තාවන් වැඩි කැමැත්තක් දක්වනවා. සමහර පිරිමි අයත් නියපොතු ලස්සනට තබාගන්න අකමැති නැහැ. නියපොතු හොඳින් තබාගැනීම සඳහා ඒවා සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. නියපොතු වලට වැරදි ආකාරයට, වැඩියෙන් සාත්තු කරන්න ගිහින් තමයි බොහොමයක් අය නියපොතු අවලස්සන කරගන්නේ. එසේනම්, නියපොතු වලට නිවරැදි ආකාරයට සාත්තු කර ඒවා ලස්සනට තබාගන්නේ කොහොමද? නියපොතු නිතර පිරිසිදුව වියලිව තබාගන්න. ඒවා නිතර අපිරිසිදුවීම හෝ තෙත්ව පැවතීම අවලස්සන වීමට හේතුවක් වෙනවා. එක දිගට බොහෝ වේලාවක් නියපොතු වතුරේ ගිල්වාගෙන වැඩ කරන්න එපා. ඔබේ අත් තෙත් වුවහොත් හැකි ඉක්මනින් අත් පිසදමා වේලාගන්න. ඔබේ අත්වල සම ගොඩක් වියළි නම්, සම වියලීම වලකන ආලේපනයක් (Hand moisturizer) භාවිතා කරන්න. බොහොමයක් අය නියපොතු…


අංශභාගය ඉක්මනින්ම හඳුනාගන්නේ කෙසේද?

අංශභාගය (Stroke) යනු කුමන ආකාරයේ රෝගයක්ද? අංශභාගය යනු මොළයට රුධිරය සපයන ධමනි (Artery) නැමැති රුධිර වාහිනී වල රුධිර සංසරණයට බලපෑමක් සිදුවීමෙන් ඇතිවන රෝග තත්ත්වයකි. මොළයට ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ සපයන ධමනියක ලේ කැටියක් සිරවීම හෝ ධමනියක් පිපිරී යාම නිසා අංශභාගය ඇතිවේ. එවිට, එම ධමනිය මගින් රුධිරය සපයන මොළයේ කොටස ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබී යාමෙන් මියයයි. අංශභාගය යනු ශ්‍රී ලංකාවේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව සඳහා බලපාන හේතු අතර තෙවන ස්ථානය ගන්නා රෝගය වන අතර, මිනිසුන් ස්ථිරවම ආබාධිත තත්ත්වයට පත්කරන රෝග අතර ප්‍රමුඛස්ථානයක් ගනී. අංශභාගය ඉක්මනින් හඳුනාගැනීමේ වැදගත්කම කුමක්ද? අංශභාගය ඉක්මනින් හඳුනාගෙන වහාම රෝගියා රෝහලකට ගෙනයාමෙන්, රෝගියා ආබාධිත තත්ත්වයට පත්වන…


කුරුලෑ වලින් රුව රැකගමු!

කුරුලෑ යනු සමේ බහුලව ඇතිවන තත්ත්වයක් වන අතර, සාමාන්‍යයෙන් මුහුණ, පිට, සහ පපුව යන ප්‍රදේශ වල හටගනී. සමෙහි කලුහිස් (Blackheads) සහ සුදුහිස් (Whiteheads) හටගැනීම කුරුලෑ වල සරළ ආකාරය වේ. ප්‍රදාහයට ලක්වූ, ආසාදිත, සැරව බිබිලි හටගැනීම, කුරුලෑ වල උග්‍ර ස්වරූපය ලෙස හැඳින්විය හැකි අතර, ඒ නිසා සමේ කැළැල් ඇතිවීම ද සිදුවේ. එමනිසා, කුරුලෑ වලින් ඔබේ රූපාලංකාරයට බලපෑමක් ඇතිවේ. කුරුලෑ ගැටවරයන් (Teenagers) අතර සහ තරුණ වැඩිහිටි අය අතර බහුලය. වයස 14-17 වන ගැහැණු ළමුන් අතර සහ වයස 16-19 වන පිරිමි ළමුන් අතර කුරුලෑ බහුලව දක්නට ඇත. සාමාන්‍යයෙන්, වයස විසි ගණන් වනවිට කුරුලෑ ඇතිවීම දක්නට නොලැබේ. ඇතැම් විට, කුරුලෑ වැඩිහිටි අවධිය තෙක්ම හටගන්නා…


යටි පතුල් වල වේදනාව සමනය කරගන්නේ කෙසේද?

යටි පතුල් වල වේදනාව පාදුක කවලිකා ප්‍රදාහය (Plantar fasciitis) ලෙස හැඳින්වේ. එය ඇතිවන්නේ කෙසේද යන්න මදක් විමසා බලමු. පාදයේ ඇඟිලි සහ විළුඹේ අස්ථිය සම්බන්ධ කරමින් ඝණ පටකයක් ඇති අතර යටිපතුල වක්‍ර ස්වභාවයක් ගැනීමට එය හේතුවේ. මෙම පටකය පාදුක කවලිකාව (Plantar fascia) ලෙස හැඳින්වේ. මෙම පටකයේ ඇතිවන ප්‍රදාහය (Inflammation) පාදුක කවලිකා ප්‍රදාහය ලෙස නම් කර ඇත. මෙහිදී සිදුවන්නේ පාදුක කවලිකාව වැඩිපුර භාවිතා කිරීම හෝ වැඩිපුර ඇදීම නිසා දුර්වල වීම, වේදනාකාරී වීම, සහ ඉදිමීමකට ලක්වීමය. යටි පතුල් වල වේදනාව සඳහා හේතු සහ අවදානම් සාධක තරබාරුකම කෙටි කාලයකදී ශරීරයේ බර වැඩිවීම බාල තත්ත්වයේ පාවහන් පැළඳීම (පමණට වඩා මෘදු අඩියක් සහිත හෝ යටි පතුලේ…


අධික රුධිර පීඩනය පාලනය කිරීම සඳහා ඉඟි 10 ක්…

අධික රුධිර පීඩනය (Hypertension) වත්මන් සමාජය තුළ බහුලව පවතින රෝග තත්ත්වයකි. එය යම් පුද්ගලයෙකුට වැළඳුන පසු බොහෝවිට යලි සුවකිරීමට නොහැකි අතර, රුධිර පීඩනය පාලනය කිරීම පමණක් සිදුකල හැක. අධික රුධිර පීඩනය පාලනය නොකිරීම නිසා හදවත් රෝග, හෘදය අකර්මණ්‍ය වීම, උපුලුව (Aneurysm), අංශභාගය, වකුගඩු රෝග, ඇස් පෙනීමට හානි සිදුවීම, මතකය අඩුවීම වැනි සංකීර්ණ සංකූලතා ඇතිවේ. ඇතැම් සරළ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම, අධික රුධිර පීඩනය මනාව පාලනය කිරීමට උපකාරී වේ. ඖෂධ භාවිතය, ආහාර, සහ ජීවන රටාවේ වෙනස්කම් ඇතිකර ගැනීම මෙයට අයත් වේ. පහත සඳහන් ඉඟි 10 අනුගමනය කිරීමෙන් ඔබගේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමෙහි පවත්වා ගැනීමට ඔබට හැකිවනු ඇත. ඔබ රුධිර පීඩනය පාලනය කිරීම…


මානසික ආතතිය හෘදයාබාධ වලට අත වනයි!

ශ්‍රී ලංකාව තුළ වසරකට සිදුවන මරණ සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයකට අයිතිවාසිකම් කියන්නා හෘදයාබාධ (Heart attacks) ලෙස හැඳින්විය හැක. එසේ නම්, අංක එකේ මාරයා ලෙස හෘදයාබාධ හැඳින්වීමේ වරදක් නැති තරම්. මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම ඉහළ දමන බව ඔබ දන්නවාද? නමුත්, මානසික ආතතිය හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩි කරන්නේ කෙසේද යන්නට වඩාත්ම ගැලපෙන පිළිතුරක් දෙන්නට පර්යේෂකයන්ට තවම හැකිවී නැහැ. එක් පර්යේෂණයකට අනුව, සාමාන්‍ය දිවි පෙවෙතක් ගතකරන අයට වඩා, මානසික පීඩනයකින් යුතුව දිවි ගෙවන පුද්ගලයන්ට, හෘදයාබාධ වැළඳීමට 23% ක වැඩි ඉඩකඩක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මෙම පර්යේෂණයට යුරෝපයේ රටවල් 7 කින්, පුද්ගලයන් 200,000 ක් යොදාගෙන ඇත. මානසික ආතතියකින් යුතුව රැකියාවේ නියැලීම, පළමු හදවත් රෝගය…


දහඩිය ගඳ ඔබටත් ගැටළුවක්ද?

ශරීරයෙන් පිටවන ගන්ධයන් අතරින්, දහඩිය ගඳ ප්‍රමුඛ ස්ථානයක් ගනී. එය ප්‍රධාන වශයෙන් කිහිලි සහ ඉකිලි වලින් පිටවන අතර, සමේ අනෙකුත් ස්ථාන වලින් ද මද වශයෙන් පිටවේ. නමුත්, සමාජයේ බහුලවම ගැටළුකාරී වන්නේ කිහිලි වලින් පිටවන දහඩිය ගන්ධයයි. මක්නිසාද, එය ඔබව සමාජය ඉදිරියේ අපහසුතාවයට පත්කිරීමට සමත් වේ. මිනිස් සමෙහි දහඩිය හෙවත් ස්වේද ග්‍රන්ථි වර්ග දෙකක් පවතී. මීරොක්‍රයින් ග්‍රන්ථි (Merocrine/Eccrine glands) බොහොමයක් ස්වේද ග්‍රන්ථි මෙම වර්ගයට අයත් වේ. මෙම ග්‍රන්ථි වලින් ජලය සහ ලුණු සහිත දහඩිය පිටකරන අතර, දේහයේ උෂ්ණත්වය පාලනයට වැදගත් වේ. ඇපෝක්‍රයින් ග්‍රන්ථි (Apocrine glands) මෙම ග්‍රන්ථි හිසේ සම, කිහිලි, ඉකිලි, පියයුරු වල තන පුඩුව අවට (ඇරියෝලාව/Areola), සහ නාභිය අවට බහුලව…


ඉස්හොරි (Dandruff) වලින් ගැලවෙන්නේ කොහොමද?

ඉස්හොරි (Dandruff) යනු සමෙහි බහුලව ඇතිවන දිගුකාලීන ප්‍රදාහයක් (Inflammation) වේ. එය වෛද්‍ය විද්‍යාත්මකව Seborrheic dermatitis ලෙස හැඳින්වේ. මෙම තත්ත්වය නිසා සමෙහි රතු පැහැති ලප හෝ කබොලක් ඇතිවී ඒ මත තෙල් සහිත පොතු හටගනී. හිසේ සම ඉස්හොරි හටගන්නා ප්‍රධානතම ස්ථානය වන අතර, ඇහිබැම, ඇසිපිය, නාසයේ දාර, තොල්, කණ පිටුපස, සහ කණේ සිදුර ආදියෙහි ද ඇතිවිය හැක. එයට අමතරව, පපුවේ මැද ප්‍රදේශයේ, පියයුරු වල යට දාරයේ, ඉකිලි වල, කිහිලි වල, සහ තට්ටම් අතර ද ඉස්හොරි ඇතිවීම සිදුවේ. කලාතුරකින්, සමේ සෑම තැනකම මෙම තත්ත්වය ඇතිවන අවස්ථා ද දැකිය හැක. සමෙහි සෛල වේගයෙන් හටගැනීම නිසා සම මතුපිට ඉක්මනින් අලුත්වීම ඉස්හොරි ඇතිවීමට හේතුවේ. සමෙහි අධික…