සාමාන්‍ය සෞඛ්‍යය

ඔබේ කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද?

කනට සතෙක් ඇතුළුවීම ඉතාම අමිහිරි සහ වේදනාකාරී අත්දැකීමක් බව එම අත්දැකීමට මුහුණ දුන් අයෙකුට කිසිවිටෙක අමතක නොවනු ඇත. දරුවන් පමණක් නොව වැඩිහිටියෙක් වුවද කනට සතෙක් ඇතුළු වූ විට නොසන්සුන් වනු දැකිය හැක. බොහෝ විට, කනට ඇතුළුවන්නේ කෘමි සතුන්ය. කනට සතෙක් ඇතුළු වූ පසු නිසි ප්‍රතිකර්මයක් නොකළහොත්, වේදනාව, ආසාදනය වීම, සහ කන ඇසීම අඩුවීම සිදුවිය හැක. සැබැවින්ම, කනට සතෙක් ඇතුළු වුවහොත් කුමක් කළ යුතුද? කිසිවිටෙක, කොට්න් බඩ්, ගිණිකූරු, හෝ කොණ්ඩා කටු වැනි දිගැටි උපකරණ කිසිවකින් කනෙන් සතා ඉවතට ගැනීමට උත්සාහ කරන්න එපා. එසේ කිරීමෙන්, සතා තවත් කන තුළට තල්ලුවීම සහ කනට හානිවීම සිදුවිය හැක. නිසි පළපුරුද්දක් සහ පුහුණුවක් නොමැති අයෙක්, නිසි…

තව කියවන්න >>

තාවකාලිකව රෝහලට ඇතුළත් කර නොගත් ඩෙංගු රෝගියෙක් කල යුත්තේ කුමක්ද?

මේ දිනවල ශ්‍රී ලංකාවේ ප්‍රදේශ ගණනාවකම ඩෙංගු රෝගය වසංගතයක් ලෙස පැතිර යමින් තිබේ. දිවයිනේ රෝහල් ගණනාවක්ම ඩෙංගු ඇතුළු උණ රෝගීන්ගෙන් සංතෘප්තව පවතින බව වාර්තා වේ. ඇතැම් රෝහල් වල එක ඇඳකට රෝගීන් දෙදෙනෙකු හෝ තිදෙනෙකු බැගින් සිටින බව දැකිය හැක. ඇතැම් රෝගීන් රෝහල් වල ප්‍රමාණවත් තරම් ඇඳන් නොමැති බැවින්, බිම සිටින බවටද වාර්තා වේ. එමනිසා, ඩෙංගු රෝගය වැළඳුනු සෑම රෝගියෙකුටම රෝහලක නැවතී ප්‍රතිකාර ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලබාදීම අපහසු කාරණයකි. සංකූලතා නොමැති, ඩෙංගු රෝගයේ මුල් අවධි වල සිටින ඇතැම් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර ලබාගැනීමට හැකියාව ඇත. ඩෙංගු ප්‍රතිදේහජනක පරීක්ෂණයෙන් (Dengue NS1 antigen test) ඔබට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වූ පමණින්,…


මී උණ රෝගය (Leptospirosis) ගැන දැනගනිමු.

මී උණ නොහොත් ලෙප්ටොස්පයිරෝසියාව (Leptospirosis) නමින් හැඳින්වෙන්නේ මීයන්ගෙන් සහ ගවයන්, මී ගවයන් වැනි සතුන්ගෙන් බෝවන උණ රෝගයකි. මෙම රෝගය කෘන්තක සත්ත්වයන්, ගොවිපළ සතුන්, සුනඛයන්, සහ කැලෑබද ක්ෂීරපායී සතුන්ගෙන් පැතිරිය හැක. මෙම රෝගයම වෙල් උණ, පතල් උණ, හෝ මඩ උණ ලෙසද හඳුන්වනු ලැබේ. Leptospira interrogans නැමැති බැක්ටීරියාව නිසා මී උණ රෝගය වැළඳෙන අතර රෝගය වැළඳුණු මීයන් වැනි සතුන් පිටකරන මුත්‍රා සමග මෙම බැක්ටීරියාව පරිසරයට එක්වේ. එමනිසා, කුඹුරු වල, වගාබිම් වල, සහ ජලය රැඳුණු ස්ථාන වල මෙම බැක්ටීරියාව රැඳී තිබිය හැක.   එම බැක්ටීරියාව ශරීරයට ඇතුළුවන්නේ කෙසේද? කුඹුරු වල, ජලය රැඳෙන වගාබිම් වල වැඩකරන විට, ගලානොයන දියකඩිති වල බසින විට අපේ ශරීරයේ…


ඔබටත් දියවැඩියාව වැළඳීමට වැඩි අවදානමක් තිබෙනවාද?

දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක, දියවැඩියාව රෝගයේ වර්ග අනුව වෙනස්වන දෙයකි. ඇතැම් අවදානම් සාධක ඉවත්කර ගැනීමට හැකියාව ඇති මුත්, සමහර අවදානම් සාධක වෙනස් කිරීමට නොහැක. කෙසේ වුවත්, යමෙක් දියවැඩියාව වැළඳීමට හේතුවන අවදානම් සාධක ගණන අඩුකරගතහොත්, ඔහුට හෝ ඇයට දියවැඩියාවෙන් මිදී ජීවත්වීමට ඇති හැකියාව වැඩිකරගත හැක. එමනිසා, එවැනි අවදානම් සාධක පිළිබඳව දැනුවත්වීම, කාලෝචිත දෙයක් ලෙස හැඟේ. එසේ නම්, ඔබටත් දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබෙනවාදැයි මදක් සොයා බලමු.   පළමු වර්ගයේ දියවැඩියාව (Type 1 diabetes mellitus) වැළඳීමට හේතුවිය හැකි අවදානම් සාධක   පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි තවමත් නිසි අයුරින් වටහාගෙන නැති මුත්, ඇතැම් සාධක පළමු වර්ගයේ දියවැඩියාව වැළඳීමට ඇති අවදානම වැඩිකරන…


දියවැඩියාව වැළඳීමට හේතු මොනවාද?

දියවැඩියාව වැළඳීමට හේතු මොනවාදැයි විමසා බැලීමට පෙර, අපගේ ශරීරය ග්ලූකෝස් නැමැති සීනි වර්ගය හසුරුවන යාන්ත්‍රණය සරළව වටහාගැනීම වැදගත් වේ. එහිදී, මිනිස් සිරුර තුළ ග්ලූකෝස් වල කාර්යභාරය සහ ඉන්සියුලින් (Insulin) නැමැති හෝමෝනයේ ක්‍රියාකාරීත්වය පැහැදිලි කරගත යුතුය. එවිට, දියවැඩියාව වැළඳීමට හේතු හඳුනාගැනීම පහසු වේ.   ඉන්සියුලින් හෝමෝනය ක්‍රියාකරන්නේ කොහොමද? ඔබේ ආමාශයට පිටුපසින්, එයට මදක් පහලට වන්නට අග්න්‍යාශය හෙවත් ඇලදිව (Pancreas) ලෙසින් හඳුන්වන ග්‍රන්ථියක් ඇත. ඉන්සියුලින් නිෂ්පාදනය කර රුධිරයට නිදහස් කරන්නේ මෙම අග්න්‍යාශය මගිනි. එසේ ශ්‍රාවය කරන ඉන්සියුලින් හෝමෝනය මගින් රුධිරයේ ඇති ග්ලූකෝස්, ශරීරයේ ඇති සෛල වලට ඇතුළු කරවනු ලැබේ. එමනිසා, ඉන්සියුලින් වලට රුධිරයේ ඇති ග්ලූකෝස් මට්ටම අඩුකිරීමට හැකියාව ඇත. රුධිරයේ ඇති ග්ලූකෝස්…