බර පාලනය

බර අඩු කරගැනීමට තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර…

තෙල් අඩු ආහාර පමණක් ආහාරයට ගන්නවාට වඩා තෙල් අඩු, කැල්සියම් වැඩි ආහාර පරිභෝජනය කිරීමෙන් වැඩිපුර බර අඩු කරගන්න පුලුවන්. මෙය හෙලිවී ඇත්තේ නව අධ්‍යයන කිහිපයකින්. මෙසේ වන්නේ ඇයි දැයි විමසා බලමු. අපේ ශරීරයේ ඇති කැල්සියම් වලින් කොටසක් මේද පටක වල ඇති මේද සෛල තුළ ගබඩා වී තිබේ. එම කැල්සියම් වලට, මේද පටක තුළ මේදය ගබඩා වීම මෙන්ම මේදය දහනය කිරීමේ ක්‍රියාවලියත් පාලනය කරන්න හැකියාව තිබෙනවා. සෛල තුළ වැඩිපුර කැල්සියම් අඩංගු වන මේද පටක වල වැඩිපුර මේදය දහනය වන අතර, එමගින් ශරීරයේ බර අඩුවීම ද සිදුවෙනවා. කැල්සියම් වැඩියෙන් තිබෙන ආහාර ගැනීම මගින්, ශරීරයේ මේදය ගබඩා වෙනවාට වඩා වැඩිපුර මේදය දහනය කිරීම…


ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?

ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ව්‍යායාම ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත්, ව්‍යායාම කරන්නේ නැතිවත් බර අඩු කරගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔබ පුදුම වේවි. යම් අසනීපයක් හෝ කාර්ය බහුල නිසා හෝ ඔබට ව්‍යායාම කරන්න අපහසු නම්, ඔබට තවමත් හැකියාව තිබෙනවා ව්‍යායාම කිරීමෙන් තොරව බර අඩු කරගන්න. ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන ශක්තිය මනින්නේ කැලරි වලින්. ඔබ ආහාර වලින් ලබාගන්නා කැලරි ප්‍රමාණය දිනකට 500 බැගින් අඩු කලහොත්, සතියක් තුළදී ඔබේ බර ග්‍රෑම් 450 කින් අඩු වෙනවා. ඔබ දිනකට ගන්නා කැලරි ප්‍රමාණය 1000 කින් අඩු කලහොත්, සතියක් තුළදී ඔබගේ බර ග්‍රෑම් 900 කින් අඩු කරගන්න පුලුවන්. නමුත්, ඔබ කාන්තාවක් නම්, දිනකට කැලරි 1200 කට…


ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක්

ශරීරයේ බර වැඩි බොහොමයක් අය බර අඩු කරගැනීමට සිහින දකිනවා. නමුත්, ශරීරයේ බර අඩු කරගත යුත්තේ ඔබගේ සෞඛ්‍යයට හානියක් නොවන අයුරින්. මෙම ලිපිය මගින්, ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට සරල සැලසුමක් ඉදිරිපත් කරන්නයි අපේ උත්සාහය. තාත්වික ඉලක්කයක් ඇතිකර ගන්න. ඔබගේ ශරීරයේ බර අඩු කරගැනීමට ප්‍රායෝගිකව ලඟාවිය හැකි තාත්වික ඉලක්කයක් ඇතිකර ගැනීම වැදගත් වේ. ඔබ සතියක් තුළදී අඩු කලයුතු බර ප්‍රමාණය ග්‍රෑම් 450 ත් ග්‍රෑම් 900 ත් අතර වෙනවා. යම් පුද්ගලයෙක් මෙම බර ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අඩු කරගැනීමට උත්සාහ කරන්නේ නම්, එම ඉලක්කය තාත්වික නොවන අතර සෞඛ්‍ය සම්පන්න උත්සාහයක් ලෙස ද හැඳින්විය නොහැකියි. හොඳ බර අඩු කරගැනීමේ සැලසුමක වැදගත්ම සාධක…


ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ඉඟි කිහිපයක්…

ඔබ සෞඛ්‍ය සම්පන්න ලෙස ශරීරයේ බර අඩු කරගැනීමට අදහස් කරන්නේ නම් මෙම ලිපියෙහි අන්තර්ගත ඉඟි ඒ සඳහා ඔබට උපකාරී වනු ඇත. සාමාන්‍යයෙන් සතියක් තුළදී අඩු කිරීමට නිර්දේශ කරන බර ප්‍රමාණය ග්‍රෑම් 450 සිට ග්‍රෑම් 900 දක්වා වේ. යම් පුද්ගලයෙකු මෙම බර ප්‍රමාණයට වඩා වැඩි සීඝ්‍රතාවයකින් බර අඩු කරගන්නේ නම් ඔහුට හෝ ඇයට එය දිගු කාලීනව පවත්වා ගැනීම අපහසු බව නවීන පර්යේෂණ මගින් තහවුරු වී ඇති කරුණකි. ආහාරයේ අඩංගු කැලරි ප්‍රමාණය අතිශයින් සීමා කර ශරීරයේ බර අඩුකර ගැනීමට උත්සාහ ගැනීමද පෝෂණ ඌණතා සහ හාමත වැනි රෝග ලක්ෂණ ඇති කිරීමට හේතු වේ. දිනපතා කෙඳි සහිත ආහාර සහ ප්‍රෝටීන් වැඩියෙන් ආහාරයට එකතු කරගන්නේ…