ඔබේ දරුවා

දරුවාගේ හිසට සිදුවන අනතුරු වලදී කුමක් කල යුතුද?

කුඩා දරුවන් දඟකාරී බැවින්, හිස වද්දාගැනීම නිතර සිදුවන දෙයක් බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇත. ඇතැම්විට, ඔවුන් අඬාගෙන විත්, තමාගේ හිස වැදුනු බවත්, ඉන් පසුව හිස රිදෙන බවත් පැමිණිලි කරනු දැකිය හැක. කුඩා අවධියේදී මෙසේ දරුවාගේ හිසට සිදුවන අනතුරු බොහොමයක් සුළු ඒවා වන අතර, ඒවායේ බලපෑම ඇතිවන්නේ හිසේ බාහිර ප්‍රදේශයට පමණි. නමුත්, ඉතා කලාතුරකින්, හිසට සිදුවන දැඩි අනතුරක් හේතුවෙන්, මොළයේ කුඩා රුධිර වහනයක් හෝ බරපතළ ලේ ගැලීමක් සිදුවිය හැක. හිසට සිදුවන එවැනි අනතුරක්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ අවධානයට ලක්වීම සහ ඒ සඳහා නිසි ප්‍රතිකර්ම කිරීම වැදගත් වේ. බොහෝ දෙමව්පියන් තම දරුවාගේ හිස යමක ගැටුණ විට, කලබලයට පත්වේ.   හිසට සිදුවන අනතුරකදී ඔබේ…


ඔබේ දරුවාට අත් සේදීමට පුරුදු කලයුත්තේ ඇයි?

කුඩා දරුවන් අවට පරිසරයේ ඇති බොහෝ දේ ඇල්ලීමට පෙළඹෙන අතර, එමගින් විෂබීජ මිලියන ගණනක් ඔවුන්ගේ අත්වල තැවරීම සිදුවේ. එයට අමතරව, පරිසරයේ ඇති පණු බිත්තර ආදියද අත්වල තැවරීම සිදුවේ. එමනිසා, කුඩා දරුවන්ට වැළඳෙන රෝග ගණනාවකටම මෙලෙස දෑත්වල තැවරෙන විෂබීජ සහ පණු බිත්තර හේතුවේ. කෙසේ වුවත්, ආහාර ගැනීමට පෙර, වැසිකිලි හෝ කැසිකිලි භාවිතයෙන් පසු, සහ සෙල්ලම් කිරීමෙන් පසු අත් සේදීමට හුරු කිරීමෙන්, රෝග ගණනාවක්ම වැළඳීම වළක්වාගත හැක. කුඩා දරුවන් බොහෝවිට දෑත් සේදීමට මැළිකමක් දැක්වීම ස්වභාවික දෙයකි. නමුත්, දෑත් සේදීම නිතරම මතක් කරමින් ඒ සඳහා පෙළඹවීම වුවද ඉතා වටිනා දෙයකි. මක්නිසාද, එයින් ලැබෙන සෞඛ්‍ය වාසි බොහොමයක් ඇත. දෑත් සේදීම යනු, වැදගත්ම සෞඛ්‍ය පුරුද්දක්…


දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?

ඇසට සිදුවන අනතුරු බොහොමයක් සුළු ඒවා වේ. ඒවායින් සමහරක් ඇසට සබන් යාම, ඇසට රොඩු කැබැල්ලක් ඇතුළුවීම වැනි ඒවාය. නමුත්, ඇසට සිදුවන ඇතැම් අනතුරු බරපතළ වියහැකි අතර, එවන් විටෙක වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම අවශ්‍ය විය හැක. බොහෝවිට, දරුවා ක්‍රීඩාවක හෝ ශාරීරික ක්‍රියාකාරකමක නියැලෙන විට, ඇසට එවන් අනතුරු සිදුවීමට ඉඩ ඇත. සැබැවින්ම, දරුවාගේ ඇසට අනතුරක් වූ විට කුමක් කල යුතුද?   දරුවාගේ ඇසට අනතුරක් වුවහොත් හඳුනාගන්නේ කෙසේද? ඇසට සිදුවන අනතුරකදී, පහත සඳහන් රෝග ලක්ෂණ ඇතිවිය හැක. ඇස රතුවීම. ඇසේ වේදනාවක්, දැවිල්ලක්, හෝ කෙවෙන ස්වභාවයක් ඇතිවීම. ඇසෙන් කඳුළු ගැලීම. ආලෝකය දෙස බැලීමට අපහසුවීම. පෙනීම බොඳවීම. ඇසිපිය හෝ ඇස අවට ඉදිමීම. ඇස අවට සමෙහි…


ඔබේ දරුවාගේ කන් කලාඳුරු ගැටළුවක් වී ඇතිද?

බොහෝ නිවෙස් වල කොට්න් බඩ් (Cotton buds) දක්නට ලැබේ. බොහෝවිට, මේවා උපයෝගී කරගන්නේ කන් කලාඳුරු ඉවත්කිරීම සඳහායි. මෙය ඔබ නිතර භාවිතා කරන දෙයක් වුවත්, එතරම් සෞඛ්‍ය සම්පන්න දෙයක් නම් නොවෙයි. ඒ, ඔබේ දරුවාගේ කන් කලාඳුරු ඉවත්කිරීමට කොට්න් බඩ් යොදාගැනීම, අනතුරුදායක දෙයක් බැවිනි. එබැවින්, කන් කලාඳුරු පිළිබඳව සහ ඒවාට කුමක් කල යුතුද යන්න මදක් විමසා බලමු. සාමාන්‍යයෙන්, කන තුළ කන් කලාඳුරු සෑදෙන්නේ, කනට අවශ්‍ය ප්‍රමාණයටය. නමුත්, ඇතැම් අයගේ වැඩිපුර කන් කලාඳුරු සෑදෙන අවස්ථාද දක්නට ලැබේ. කුඩා දරුවන්ගේද, ඉතා කලාතුරකින් කන් කලාඳුරු වැඩියෙන් සෑදෙන අවස්ථා දැකිය හැක. ඒවා දරුවාගේ ඇසීමට බාධාවක් වන්නේ නම්, හෝ දරුවාට කනේ වේදනාවක් හෝ අපහසුතාවයක් ඇතිකරන්නේ නම්, වෛද්‍යවරයෙකු…


දරුවාගේ මළ බද්ධය සුව කරගන්නේ කෙසේද?

මළ බද්ධය (Constipation) යනු කුඩා දරුවන් අතර බහුලව ඇතිවන තත්ත්වයකි. ඔබේ දරුවා සතියකට අවම වශයෙන් 3 වරක් වත් මළපහ කරන්නේ නැති නම්; දරුවාට මළපහ කිරීමේ අපහසුතාවයක් ඇත්නම්; හෝ දරුවාගේ මළපහ තද, වියලි, සහ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාල නම්, එය මළ බද්ධය ලෙස හැඳින්විය හැක. බොහෝවිට, කුඩා දරුවන්ගේ ඇතිවන මළ බද්ධය සැලකිය යුතු වෛද්‍ය ගැටළුවක් නොවේ. සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු සහ ශාරීරික ක්‍රියාකාරකම් මගින් එය පහසුවෙන් සමනය කරගැනීමේ හැකියාව පවතී.   මළ බද්ධය ඇතිවීමට හේතු මොනවාද? මළ බද්ධය ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ දරුවාගේ ආහාරයේ ප්‍රමාණවත් තරම් තන්තු (Fibre) සහ ජලය නොමැති වීමයි. මක්නිසාද, තන්තු සහ ජලය මළපහ කිරීම පහසු කිරීමට ඉවහල්…


ඔබේ දරුවා පූර්ව-දියවැඩියා තත්ත්වයෙන් මුදාගන්නේ කෙසේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු දෙවන වර්ගයේ දියවැඩියාව (Type 2 diabetes mellitus) වැළඳීම සඳහා හේතුවන අවදානම් සාධක අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා තත්ත්වයකි. එමෙන්ම, පූර්ව-දියවැඩියාව සහ දියවැඩියාව, ස්ථුලභාවය සමග දැඩිව සම්බන්ධව පැවතීම දක්නට ලැබේ. එමනිසා, මෙම තත්ත්ව දෙකම වළක්වා ගැනීම සඳහා ස්ථුලභාවය මගහරවා ගත යුතුවේ. එනම්, ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණකි. වැඩිහිටියෙකුට පූර්ව-දියවැඩියාව ඇත්නම්, ජීවන රටාව වෙනස් කිරීම (Lifestyle modification) සහ දියවැඩියාව වැළඳීමෙන් වැලකීමට ඖෂධ ලබාගැනීම මගින්, දියවැඩියාව වැළඳීමට ඇති අවදානම ක්‍රමයෙන් අඩුවන බව සොයාගෙන ඇත. කෙසේ වුවත්, නවයොවුන් දරුවන් සහ කුඩා දරුවන් පූර්ව-දියවැඩියා තත්ත්වයේ සිට දියවැඩියාව දක්වා වර්ධනය වීම වැළැක්විය හැක්කේ කෙසේද යන්න තවමත් පර්යේෂණ මගින් මනාව පැහැදිලි නොවූ…


ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි?

වර්තමාන සමාජයේ, බොහොමයක් දරුවන් ක්‍රියාශීලී නොවන අතර, දෙමව්පියන් ද ඒ පිළිබඳව වැඩි උනන්දුවක් නොදක්වයි. මක්නිසාද, පහ වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, සහ උසස් පෙළ වැනි විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන සහ ජීවන රටාව, දරුවන් ශාරීරික ක්‍රියාකාරකම් වලින් ඈත් කිරීමට සමත්ව ඇත. බොහෝ දෙමව්පියන් ද, තම දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල් වේ යැයි සිතා, දරුවා ශාරීරික ක්‍රියාකාරකම් වල නිරත වීමෙන් වළක්වති. මෙම ක්‍රියාවලිය, දරුවා නිරෝගී උගතෙකු කරනු වෙනුවට, දරුවා අනාගතයේදී රෝගී පුද්ගලයෙකු වීමට ඇති අවදානම වැඩිකරමින් පවතින බව පෙනේ. ඔබේ දරුවා ක්‍රියාශීලී විය යුත්තේ ඇයි? ඔබේ දරුවා ක්‍රියාශීලී නොමැති නම්, ඔහුට හෝ ඇයට අනාගතයේදී ස්ථුලභාවය, දියවැඩියාව, හෘදයාබාධය, අංශභාගය, අධික රුධිර පීඩනය, අධික ලෙස කොලෙස්ටරෝල් පැවතීම,…


ඔබේ දරුවාට පූර්ව-දියවැඩියාව වැළඳීමට අවදානමක් තිබේද?

පූර්ව-දියවැඩියාව (Pre-diabetes) යනු එක්තරා ආකාරයක අවදානම් සංඥාවකි. දරුවාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස්, දියවැඩියාව වැළඳී ඇතැයි රෝග නිශ්චය කිරීමට අවශ්‍ය අවම මට්ටමට වඩා අඩු අගයක පැවතීම පූර්ව-දියවැඩියාව ලෙස හැඳින්වේ. ඇතැම් වෛද්‍ය විශේෂඥයින් මෙය එක් රෝග තත්ත්වයක් ලෙස ද හඳුන්වයි. ඔබේ දරුවාටත් පූර්ව-දියවැඩියාව ඇත්නම්, අනාගතයේදී ඔහුට හෝ ඇයට දියවැඩියාව සහ හදවත් රෝග වැළඳීමට වැඩි අවදානමක් ඇත. පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට නම්, වසර 10 කදී හෝ එයට අඩු කාලයකදී දියවැඩියාව වැළඳීමට ලොකු අවදානමක් පවතී. එනම්, පූර්ව-දියවැඩියාව ඇති වැඩිහිටියෙකුට දියවැඩියාව වැළඳීමට ඇති සම්භාවිතාවය 5-10% ක් වේ. නමුත්, නවයොවුන් දරුවන්ට සහ කුඩා දරුවන්ට පූර්ව-දියවැඩියාව ඇතිවිට, එය යථා තත්ත්වයට පත්කරගැනීමට ඇති හැකියාව වැඩිහිටියෙකුට…


දරුවාගේ දත් ආරක්ෂා කරගනිමු!

දත් දිරායාම කුඩා දරුවන් අතර සුලබ රෝගයකි. නිවැරදි මුඛ සෞඛ්‍ය පුරුදු මගින් මෙම රෝගය වළක්වා ගැනීමට පුලුවන. එමනිසා, දරුවන්ගේ දත් ආරක්ෂා කරගැනීමට දෙමව්පියන් ලෙස ඔබට ලොකු වගකීමක් පවතී. ළමා වියේ දත් දිරායාම වළකා, මුඛ සෞඛ්‍යය රැකගැනීමට දරුවාට සහය වීමට ඔබට හැකිය. ඔබේ දරුවාගේ දත් ආරක්ෂා කරගන්නේ කෙසේද? ඒ සඳහා, හිතකර ආහාර රටාවකට දරුවා හුරු කිරීම සහ නිවැරදිව දත් මැදීම යන සාධක දෙක ඉතාම වැදගත් වේ. හිතකර ආහාර රටාවකට ඔබේ දරුවා හුරු කරන්නේ කෙසේද? කුඩා කල සිටම ඔබේ දරුවා හිතකර ආහාර රටාවකට හුරු කලයුතු වේ. හැකි සෑමවිටම, දරුවාට නැවුම් පළතුරු, එළවළු, සහ ධාන්‍ය වැනි ස්වාභාවික ආහාර ලබා දෙන්න. පැණිරස, රසකැවිලි, බිස්කට්,…


ඔබේ දරුවා නිතර පැණිරස කනවාද?

සාමාන්‍යයෙන්, බොහෝ දරුවන් දිනකට සැලකියයුතු ප්‍රමාණයක් පැණිරස කෑමට හුරුවී සිටිනවා. ඇතැම් දෙමව්පියනුත් තම දරුවා කොතරම් පැණිරස කන්නේදැයි සැලකිලිමත් වන්නේ නැහැ. රසකැවිලි වල සරළ සීනි විශාල ප්‍රමාණයක් අන්තර්ගත වන අතර, ඔබේ දරුවා නිතර පැණිරස කනවා නම්, ඔහුට හෝ ඇයට තරබාරුවීම, දත් දිරායාම, සහ හැසිරීමේ වෙනස්කම් ඇතිවීම ආදී සෞඛ්‍ය ගැටළු ඇතිවන්නට පුලුවන්. වාසනාවකට මෙන්, මෙම ගැටළු වළක්වාගැනීමට හැකියාව තිබේ. ආහාර ගැනීමේ සහ ජීවන රටාවේ වෙනස්කම් කිහිපයක් ඇතිකර ගැනීමෙන් එවැනි සංකූලතා මගහරවා ගැනීමට හැකියාව ඇත. තරබාරුකම දරුවන් අතර තරබාරුකම ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ යමින් පවතී. දරුවන් කුඩා කලම තරබාරු වීමට හේතුවන එක් ප්‍රධාන සාධකයක් ලෙස සරළ සීනි අඩංගු ආහාර හැඳින්විය හැකියි. ඔබේ දරුවා දිනකට…


දරුවන් තරබාරුවීම වැඩිවන ලකුණු!

දරුවන් තරබාරුවීම ගැන සැලකිය යුත්තේ ඇයි? පසුගිය වසර 30 ඇතුළත, කුඩා දරුවන් තරබාරු වන ප්‍රමාණය දෙගුණයකින් ද, නව යොවුන් වියේ දරුවන් තරබාරු වන ප්‍රමාණය තුන්ගුණයකින්ද ඉහළ ගොස් ඇත. දරුවන් තරබාරු වන ප්‍රමාණය තවදුරටත් ඉහළ යමින් පවතින බව පෙනේ. මෙම ප්‍රතිඵල වලට මූලික වශයෙන් හේතුවන්නේ, කැලරි පරිභෝජනය සහ කැලරි දහනය අතර ඇති අසමතුලිතතාවයයි. දරුවන් අධික බරකින් යුක්ත වීමට සහ තරබාරුවීමට ඔවුන්ගේ ජීවන රටාව, ජාන, ආහාර, සහ පාරිසරික සාධක හේතුවේ. දරුවන් අතර තරබාරුකම ඇතිවීමට හේතු උදෑසන ආහාර වේල මගහැරීම ඇතැම් දරුවන් ඔවුන්ගේ උදෑසන ආහාර වේල මගහැරීමට පුරුදුව සිටිනවා. විශේෂයෙන්, මව රැකියාවක් කරනවා නම් හෝ කාර්යබහුල නම් මෙය සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි. නමුත්,…


ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද?

දරුවන් නින්දෙන් ඇඳ තෙමීම (Bed-wetting or Nocturnal enuresis) බොහොමයක් පවුල් වල ඇතිවන ගැටළුවක්. මෙය කුඩා දරුවන් අතර ඉතා බහුලව ඇතිවන තත්ත්වයක් වේ. නින්දෙන් ඇඳ තෙමීම සිදුවීමට හේතු හෝ එය ක්‍රමයෙන් නතර වන්නේ කෙසේද යන්න වෛද්‍යවරුන් තවමත් සොයාගෙන නැහැ. එය දරුවාගේ වර්ධනය සිදුවන අතරතුර පසුකරන එක්තරා කාල පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැකියි. බොහෝ දරුවන් ක්‍රමයෙන් වර්ධනය වනවිට නින්දෙන් ඇඳ තෙමීමෙන් වලකිනවා. බොහෝවිට, කුඩා දරුවන් නින්දෙන් ඇඳ තෙමීම කායික හෝ මානසික ගැටළුවක් නොවේ. ඔබේ දරුවාත් නින්දෙන් ඇඳ තෙමනවාද? නින්දෙන් ඇඳ තෙමීම යනු දරුවා මුත්‍රා පහකිරීම පාලනය කලහැකි වයසේදීත්, නින්දෙන් නොදැනුවත්වම මුත්‍රා පහවීමයි. මෙය වයස අවුරුදු 6 ට වඩා අඩු දරුවන් අතර බහුල වේ….


ඔබේ දරුවාට උණ සෑදුන විට කුමක් කලයුතුද?

උණ සහ ඔබේ දරුවා එකිනෙක සම්බන්ධ වන අවස්ථා පිළිබඳ අත්දැකීම් ඔබට ඇති බවට කිසිඳු සැකයක් නැහැ. ඇතැම් විට, ඔබේ දරුවා මුහුණ රතු වී, ඇඟ උණුසුම් වී, සහ දහඩියෙන් තෙත්වී අසනීප ස්වභාවයකින් සිටිනවා ඔබට මතක ඇති. ඔබ දරුවාගේ නළලට හෝ ශරීරයේ වෙනත් තැනකට අත තබා බලන විට උණුසුම මදක් වැඩිවී ඇති බවද වැටහෙන්නට ඇති. මෙවැනි වේලාවක ඔබ මුලින්ම සැක කරන්නේ දරුවාට උණ සෑදී ඇති බවයි. නමුත්, ඔබ මෙවැනි අවස්ථාවක මදක් දෙගිඩියාවට පත්වෙනවා නොඅනුමානයි. උණ කටුවෙන් උණ බලනවාද? දරුවාගේ ඇඟ තෙමනවාද? දරුවාට පැරසිටමෝල් ස්වල්පයක් දෙනවාද? නැත්නම් වෛද්‍යවරයෙක් ලඟට දරුවා ගෙනයනවාද? මෙවැනි ප්‍රශ්න රාශියක් ඔබේ සිතට නැගෙනවා නිසැකයි. සෞඛ්‍ය සම්පන්න දරුවෙකුට උණ සෑදුනහොත්,…