ආහාර හා පෝෂණය

පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගන්න.

අපගේ ශරීරයේ මුළු බරෙන් තුනෙන් දෙකකටත් වඩා, එනම් 70% ක් පමණ පවතින්නේ ජලයයි. එමෙන්ම, සිරුර තුළ සිදුවන පරිවෘත්තීය ප්‍රතික්‍රියා නිසි පරිදි සිදුවීම සඳහා ජලය අත්‍යාවශ්‍ය වේ. ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් බවට පත්වී ඇත්තේ එබැවිනි. සැබැවින්ම, හොඳින් පිරිසිදු ජලය පානය කිරීමෙන් සුවැති දිවියකට මග පාදාගැනීමට හැකිවේ.   අප ජලය පානය කළ යුත්තේ ඇයි? උණුකර නිවාගත් ජලය පානය කරන්නේ නම් වඩාත් සුදුසුය. එමෙන්ම, දිනකට අවශ්‍ය වන ජලය ප්‍රමාණය දවස පුරා සමානව බෙදී යන අයුරින් පානය කළ යුතුය. බොහෝ අය ජලය පානය කිරීම සඳහා පිපාසය දැනෙන තුරු සිටින මුත්, එසේ කිරීමට අවශ්‍ය නොවේ. මක්නිසාද, ශ්‍රී ලංකාව ඝර්ම කලාපීය රටක් බැවින්, සිරුරෙන් ඉවත්වන ජලය…

තව කියවන්න >>

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදෙන්නේ කොහොමද?

පැණිරස කෑමට ඇති ආශාවෙන් මිදීම යන්න, මාතෘකාව තරම් සරළ දෙයක් නොවේ. මක්නිසාද, ඒ තරමටම පැණිරස කෑමට ලැදිකමක් අපට ඇත. සැබැවින්ම, සීනි බහුල ආහාර ගැනීම අඩුකිරීමට උවමනාවක් ඇතිවුවද, පැණිරස කෑමට ඇති රුචිය මැඩපැවැත්වීම තරමක් අසීරු කටයුත්තකි. කෙසේ වුවත්, ඇතැම් උපක්‍රම මගින් රසකැවිලි ආහාරයට ගැනීමට ඇති රුචිකත්වය අඩුකර, ආහාර පාන වල ඇති අතිරේක සීනි වලින් මිදීමට හැකියාව ඇත. නමුත්, එය සිතන තරම් පහසු නොවන බව මතක තබාගැනීමද වැදගත් වේ. ඔබ සැලසුමකට අනුව වැඩකරන්නේ නම්, ඔබේ ආහාරයේ ඇති නිශ්ඵල කැලරි වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඉවත්කිරීමට හැකියාව ඇත.   අමතර සීනි අඩංගු පානයන්ට සමුදෙන්න. පැණිබීම, කාබනීකෘත බීම, පළතුරු බීම යනාදියෙන් සැලකිය යුතු සීනි ප්‍රමාණයක්…


මාළු ආහාරයට ගැනීමේ වැදගත්කම කුමක්දැයි ඔබ දන්නවාද?

මාළු යනු මිහිපිට ඇති සෞඛ්‍ය සම්පන්නම ආහාර අතරින් එකක් යැයි පැවසුවහොත්, එය නිවැරදිය. ශ්‍රී ලංකාව වැනි මුහුදෙන් වටවූ කුඩා දූපතක ජීවත්වන අපට මාළු යනු දුලබ ආහාරයක්ද නොවේ. එය, ප්‍රධාන වශයෙන් ප්‍රෝටීන් සහ විටමින් D වැනි වැදගත් පෝෂ්‍ය පදාර්ථ වලින් සමන්විතය. එමෙන්ම, ඔබේ මොළය ඇතුළු සමස්ථ ශරීරයටම අවශ්‍ය වන ඔමේගා-3-මේද අම්ල (Omega-3-fatty acids) ලබාගත හැකි හොඳම ආහාර ප්‍රභවය වන්නේද මාළුය. මාළු ආහාරයට ගැනීමෙන් අපට ලැබෙන විද්‍යාත්මකව තහවුරු කල සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳ මදක් පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණයි.   බොහොමයක් අයට අඩුවෙන් ලැබෙන වැදගත් පෝෂ්‍ය පදාර්ථ ගණනාවක්ම මාළු වල බහුලව පවතී. ඕනෑම මාළු වර්ගයක් ඔබේ සෞඛ්‍යයට හිතකර වන අතර, බොහොමයක් අයට අඩුවෙන්…


සකස් කරන ලද ආහාර ගැන ඔබ දැනුවත්ද?

ශ්‍රී ලාංකීය සමාජය තුළ සකස් කරන ලද ආහාර භාවිතයේ විශාල වැඩිවීමක් දක්නට ලැබේ. සකස් කරන ලද ආහාර මිළ අධික වුවත්, සමාජ ආර්ථික පසුබිමේ සීඝ්‍ර වෙනස්වීම, කාන්තා රැකියා නියුක්තිය ඉහළ යාම, සහ ආදායම ඉහළ යාම වැනි සාධක හේතුවෙන් නාගරික සහ අර්ධ නාගරික සමාජය මෙවැනි ආහාර කෙරෙහි වැඩි නැඹුරුතාවයක් දක්වයි.   පිරිසැකසුම් ආහාර යනු මොනවාද? භාවිතයට පහසුවන අයුරින් හෝ කල්තබාගැනීමට හැකි අයුරින් සකස් කරන ලද ආහාර පිරිසැකසුම් ආහාර ලෙස හැඳින්වේ. බොහොමයක් පිරිසැකසුම් ආහාර භාවිතා කිරීමට පෙර රත්කිරීම හෝ වෙනත් ආහාරමය ද්‍රව්‍ය එකතුකර සකස් කරගැනීම කල යුතුවේ. පරිභෝජනයට පහසුවීම වැනි වාසි තිබෙන මුත්, බොහොමයක් පිරිසැකසුම් ආහාර පෝෂණ ගුණයෙන් හීනය. එමෙන්ම, එවැනි ආහාර කල්තබාගැනීම…


තන්තු බහුල ආහාර ගැනීමෙන් ඔබට වාසි රැසක්

තන්තු වැඩිපුර ආහාරයට ගන්න යැයි ඔබ අසා ඇතිවාට සැකයක් නැහැ. නමුත්, තන්තු බහුල ආහාර ඔබේ සෞඛ්‍යයට වැදගත් වන්නේ ඇයිද යන්න ගැන අදහසක් ඔබට තිබෙනවාද? තන්තු බහුල ආහාර ලෙස පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය, සහ රනිල භෝග දැක්විය හැකියි. ඇතැම්විට, මෙවැනි ආහාර ගැනීමෙන් මළ බද්ධය සුවවන බව හෝ වැළකෙන බව ඔබ අසා තිබෙන්නට පුලුවන්. කෙසේ වුවත්, තන්තු බහුල ආහාර ගැනීමෙන් තවත් සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් හිමිවේ. ඒවා අතර, ශරීරයේ බර පාලනය, සහ දියවැඩියාව හා හෘද රෝග වැළඳීමට ඇති අවදානම අඩුවීම වැනි වාසිද දැකිය හැක.   ආහාරයේ ඇති තන්තු යනු කුමක්ද? තන්තු යනු ශාඛමය ආහාර වල අන්තර්ගත වන සංඝටකයක්. එහි විශේෂත්වය වන්නේ මිනිස්…