Articles by වෛද්‍ය නාලක ප්‍රියන්ත

ස්වයං පියයුරු පරික්ෂාව සිදුකරන්නේ කොහොමද?

සෑම කාන්තාවක්ම ඇයගේ වයස විසි ගණන් වනවිට ස්වයං පියයුරු පරික්ෂාව (Self breast examination) සිදුකිරීම ආරම්භ කල යුතුවේ. සාමාන්‍යයෙන්, තම පියයුරු වල පෙනුම සහ පියයුරු තම අතට දැනෙන ආකාරය පිළිබඳ මනා වැටහීමක් සෑම කාන්තාවකටම තිබීම වැදගත් වේ. එසේ ස්වයං පියයුරු පරික්ෂාව සිදුකිරීමේදී, ඔබගේ පියයුරු වල යම් වෙනසක් ඇතැයි හැඟුනොත්, ඉක්මනින් ඔබගේ වෛද්‍යවරයාට එය පැවසිය යුතුය. ඔබගේ පියයුරු වල ඇතිවන සෑම වෙනසක්ම, අනිවාර්යයෙන් පියයුරු පිළිකාවක් ලෙස සිතා අනිසි බියක් ඇති කරගැනීම ද අවශ්‍ය නැත. නමුත්, නිතර නිවැරදිව ස්වයං පියයුරු පරික්ෂාව සිදුකිරීමෙන්, පියයුරු පිළිකාවක් මූලික අවධියේදීම සොයාගැනීමට හැකිවන බව සිතට ගත යුතුවේ. ස්වයං පියයුරු පරික්ෂාව පියවරෙන් පියවර නිවැරදිව කරන ආකාරය සෑම කාන්තාවක්ම දැනසිටීම…


ශ්වසන පද්ධතියේ ආසාදන වැලැක්වීමට උගුර සෝදමු!

සාමාන්‍යයෙන්, උගුරේ ආසාදනයක් ඇතිවිට උගුර සේදීමෙන්, රෝග ලක්ෂණ තරමක් සමනය වන බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති. උගුර සේදීමෙන් ශ්වසන පද්ධතියේ ආසාදන ඇතිවීම වැලැක්වීමට සහ ඇතිවීමේ ප්‍රවණතාවය අඩු කිරීමට හැකි යැයි කිවහොත් ඔබ විමතියට පත් වේවි. උගුර සේදීම සම්බන්ධව කල පර්යේෂණ දෙකකින් මෙය තහවුරු වී තිබෙනවා. ජපානයේ මහජන සෞඛ්‍යය පිළිබඳ ක්යෝටෝ විශ්ව විද්‍යාල පාසලේ (Kyoto University School of Public Health), මහජන සෞඛ්‍යය සහ අන්තර්ජාතික සෞඛ්‍යය පිළිබඳ දෙපාර්තමේන්තුවේ (The Department of Public Health and International Health) පර්යේෂකයන් පිරිසක් මෙයින් එක් පර්යේෂණයක් කර තිබෙනවා. ඔවුන් 2002 සහ 2003 වසර වල අධ්‍යයනය සිදුකර, එහි දත්ත 2003 සහ 2004 වසර වලදී විශ්ලේෂණය කර තිබේ. ඔවුන්…


ගර්භණී මවක් නිවැරදිව නිදාගන්නේ කොහොමද?

ගර්භණීභාවය සෑම විවාහක කාන්තාවක්ම පාහේ ප්‍රාර්ථනා කරන දෙයක් වන අතර, ගර්භණී මවකට හොඳ නින්දක් ලැබීම ඉතාම වැදගත්. නමුත්, ගර්භණී කාලයේදී සැප පහසු ලෙස නිදාගැනීම බොහෝ කාන්තාවන්ට ගැටළුවක් වෙනවා. ගර්භණී කාන්තාවන් විසින් ශාරීරික අපහසුතා ඇතිවීම හේතුවෙන් ඇතැම් නිදාගැනීමේ ඉරියවු අතහැර දැමීම දක්නට ලැබෙන්නක්. ගර්භණී කාලයේදී ඔබගේ නින්දට බාධා කරන හේතු සහ තත්ත්ව ගණනාවක් ඇත. ඒවා මොනවාදැයි අපි විමසා බලමු. කොන්දේ වේදනාව ක්‍රමයෙන් විශාල වන උදරය බඩ පපුව දැවිල්ල නින්ද නොයාම හුස්ම ගැනීමේ අපහසුව එසේ නම්, හොඳ නින්දක් ලබාගන්නේ කෙසේද? ඇතැම් නිදා ගැනීමේ ඉරියවු ගර්භණී මවට හොඳින් නිදාගැනීමට අවස්ථාව සලසා දෙනවා. ගර්භණී කාලයේදී එක් පැත්තකට හෝ එක් ඇලයකට හැරී නිදාගැනීම වෛද්‍යවරුන්ගේ නිර්දේශයයි….


එළවලු සමග සුවැති දිවියක්…

එළවලු නොමැතිව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගැන සිතන්න අපහසුයි. ඒ තරමටම, එළවලු සුවැති දිවියකට සම්බන්ධයි. ඔබ දිනපතා එළවලු සැලකිය යුතු ප්‍රමාණයක් ආහාරයට ගන්නවා නම්, එය ඔබේ සෞඛ්‍යය වැඩි දියුණු වෙන්නට මනා පිටුවහලක් වෙනවා. එළවලු මේ තරම් සෞඛ්‍ය සම්පන්න වෙන්නේ ඇයි? මක්නිසාද, එළවලු වල පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් බහුලව තිබෙනවා. දිනපතා එළවලු කෝප්ප හෝ කොටස් 5 ත් 7 ත් අතර ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් සුවැති දිවියකට හොඳ අඩිතාලමක් දමන්න පුලුවන්. එළවලු සමග සුවැති දිවියක් ලැබෙන්නේ ඇයි? එළවලු වල දියවන සහ දිය නොවන තන්තු (Soluble & insoluble fibres) බහුලව තිබෙනවා. දියවන තන්තු හෝ කෙඳි (Soluble fibres) ආහාර ජීර්ණ පද්ධතිය තුළදී, ජෙලි වැනි ද්‍රව්‍යයක් බවට පත්වෙනවා….


ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද?

පෙනීම යනු අපගේ ජීවිතයට අත්‍යාවශ්‍යම සංවේදනයකි. පෙනීම නැතිව ජීවත්වීම ඉතාමත් අපහසු දෙයක් බව ඕනෑම කෙනෙකුට වැටහෙනු ඇත. අපට පැහැදිලි පෙනීමක් ලබාදීම සඳහා අපගේ ඇස තුළ තරමක් සංකීර්ණ වූ ස්වාභාවික කාච සහ ස්නායු පද්ධතියක් පවතී. ජීවිතයට මෙතරම් වැදගත් වන ඔබගේ පෙනීම ආරක්ෂා කරගන්නේ කෙසේද? ඔබට දැනටමත් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෝ රුධිරයේ අධික ලෙස කොලෙස්ටරෝල් පවතී නම්, ඒවාට ඔබගේ ඇසට හානිකිරීමට හැකියාව පවතී. එමනිසා, අධි රුධිර පීඩනය, දියවැඩියාව, සහ කොලෙස්ටරෝල් මට්ටම මනාව පාලනය කිරීම ඔබගේ පෙනීම ආරක්ෂා කරගැනීමට වැදගත් වේ. දියවැඩියාව පාලනය නොකිරීම නිසා, රුධිරයේ ඇති අධික සීනි මගින් ඔබගේ ඇසේ දෘෂ්ටිවිතානයේ (Retina) ඇති කුඩා රුධිර වාහිනී වලට හානි පැමිනේ. එමගින්,…


මත්පැන් භාවිතය පිළිකා වලට අත වනයි!

මත්පැන් හෙවත් ඇල්කොහොල් භාවිතය පිළිකා වලට අත වනන්නේ කොහොමද? නවතම පර්යේෂණයක් මගින් මත්පැන් භාවිතය ඇතැම් පිළිකා වැළඳීමට ඇති අවදානම වැඩිකරන බව සොයාගෙන තිබෙනවා. දිනකට ඇල්කොහොල් ග්‍රෑම් 10 ක් (බියර් කෑන් 1 ක්, වයින් මිලිලීටර් 150 ක්, අරක්කු, රම්, විස්කි, හෝ වොඩ්කා මිලිලීටර් 45 ක් පමණ) පානය කිරීමෙන් පවා පිළිකා ඇතිවීමේ අවදානම වැඩිවන බව සොයාගෙන තිබෙනවා. ඇල්කොහොල් භාවිතා කරන ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම අවදානම තවත් ඉහළ යන බවයි පැවසෙන්නේ. මධ්‍යස්ථ ප්‍රමාණ වලින් මත්පැන් භාවිතා කිරීම හෘද රෝග වලින් ආරක්ෂා වීමට හොඳ උපක්‍රමයක් බව අතීතයේ දී මිනිසුන් විශ්වාස කලා. නමුත්, නව පර්යේෂණය මගින් මත්පැන් භාවිතය පිළිකාවට අත වනන බව සොයාගැනීම නිසා, මත්පැන්…


හරිත තේ (Green Tea) ගුණයිද?

හරිත තේ (Green tea) ශරීර සෞඛ්‍යයට ගුණ යැයි සමාජයේ අදහසක් පවතිනවා. සමාජයේ ප්‍රචලිත වී ඇති තරම්ම හරිත තේ සෞඛ්‍ය සම්පන්න දැයි අපි විද්‍යාත්මකව විමසා බලමු. හරිත තේ වල කැටෙචින් නමින් හැඳින්වෙන රසායන ද්‍රව්‍ය කාණ්ඩයට අයත් රසායන ද්‍රව්‍යයක් අඩංගු වෙනවා. එහි නම එපිගැලොකැටෙචින් ගැලේට් (Epigallocatechin gallate/EGCG). මෙම රසායන ද්‍රව්‍යය ඔබගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අඩංගු නියාමක ටී වසා සෛල (Regulatory T cells) සංඛ්‍යාව වැඩි කිරීමට සමත් වෙනවා. එමගින්, ඔබගේ ප්‍රතිශක්තිය හෙවත් ලෙඩ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට හරිත තේ වලට පුලුවන්. එපමණක් නොව, ස්ව-ප්‍රතිශක්ති රෝග (Auto-immune diseases) යටපත් කිරීමේ හැකියාවත් හරිත තේ වලින් ලැබෙනවා. හරිත තේ වලට, සියලු හේතූන් නිසා ඇතිවන…


අක්‍රීය දුම්පානය සහ ඔබේ දරුවා

අක්‍රීය දුම්පානය (Passive smoking) යනු කුමක්ද සහ එය ඔබේ දරුවාට හානිකර වන්නේ ඇයි දැයි මදක් සොයා බලමු. ඔබ ඔබේ දරුවන් අසල දුම්පානය කරන්නේ නම් හෝ ඔබේ දරුවන් අසල දුම්පානය නොකර වෙනත් තැනක වුවද දුම්පානය කරන්නේ නම්, ඔබේ දරුවා අක්‍රීය දුම්පානයට ගොදුරු වෙනවා විය හැක. ඔබ දරුවන් අසල දුම්පානය කරනවිට, ඔබගේ සිගරට්ටුවෙන්, බීඩියෙන්, හෝ සුරුට්ටුවෙන් පිටවන විෂ දුම් දරුවා නොදැනුවත්වම ආශ්වාස කරයි. ඔබ දරුවා කෙරෙහි ආදරය නිසා දරුවා අසල දුම් නොබී, වෙනත් තැනක දුම්පානය කලත් ඔබේ දරුවා අක්‍රීය දුම්පානයට ගොදුරු වේ. ඔබ දුම්පානය කරන විට, විෂ දුම් ඔබේ පෙනහලු තුළට ඇතුලු වේ. ඔබ දුම් නොබොන අවස්ථාවක දී වුවද, ඔබ පිටකරන හුස්මක්…


සුවැති කෙස් කලඹක් සඳහා රහස් 20 ක්…

සුවැති කෙස් කලඹක් ලබාගැනීම කාන්තාවන් සැමදෙනාටම ඇති සිහිනයක්. නමුත්, විවිධ කායික හේතූන් මත මෙන්ම, නොසැලකිලිමත් කම මත, සෞඛ්‍ය සම්පන්න බව කෙස් කලඹ හැරයාම සිදුවෙනවා. ඔබ දන්නවාද ඇතැම් ඉඟි සහ රහස් සුවැති කෙස් කලඹක් ලබා දීමට ඔබට උදවු වෙනවා කියලා? සුවැති කෙස් කලඹක් සඳහා රහස් 20 ක් මෙහි සඳහන් වෙනවා. ඒවා අනුගමනය කිරීමෙන් ඔබගේ කෙස් කලඹත් සෞඛ්‍ය සම්පන්න කරගන්න පුලුවන්. ඔබගේ හිසකෙස් සහ හිසේ සම වියලි (Dry) නම්, දිනපතා හිසට ෂැම්පු (Shampoo) දැමීම අවශ්‍ය නොවේ. ඔබගේ හිසකෙස් සහ හිසේ සම තෙල් සහිත (Oily) නම්, දිනපතා හිසට ෂැම්පු දැමීම කලයුතු වේ. ඔබගේ හිසේ සම මතුපිට පොතු ගැලවේ නම් සහ හිසකෙස් අතර පොතු…


බොහෝ කල් ජීවත්වෙන්න ඉඟි කිහිපයක්…

වැඩි වියදමක් නොකර හෝ වියදමක් නැතිවම හෝ කරන්න පුලුවන් සරල වෙනස්කම් කිහිපයක් ඔබේ ජීවිතය තුළ සිදුකිරීමෙන් දිගුකලක් සෞඛ්‍ය සම්පන්නව ජීවත්වෙන්න ඔබටත් හැකියාව තිබෙනවා. එම වෙනස්කම් එතරම් සංකීර්ණ ඒවා නෙවෙයි. හොඳින් නිදාගන්න. සාමාන්‍යයෙන්, සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම සඳහා දිනකට වැඩිහිටි අයෙක් පැය 6 ත්, 8ත් අතර ප්‍රමාණයක් නිදාගැනීම අවශ්‍යයි. ප්‍රමාණවත් තරම් නින්දක් නොලැබීම එනම් දිනකට පැය 6 කට වඩා අඩුවෙන් නිදාගැනීම අංශභාගය (Stroke) වැළඳීමට ඇති අවදානම වැඩි කරනවා. දිනකට පැය 8 කට වඩා නිදාගැනීමත්, හෘදයාබාධ (Heart attacks), හෘද අකර්මන්‍යතාවය (Heart failure), සහ අංශභාගය වැළඳීමට ඇති අවදානම වැඩි කිරීමට සමත් වෙනවා. ඔබ දිනපතා ප්‍රමාණවත් අයුරින් නිදාගන්නේ නම්, ඔබගේ මානසික ආතතිය, බිය, නොසන්සුන්…


ව්‍යායාම කරන්නේ නැතිව බර අඩු කරගන්නේ කොහොමද?

ශරීරයේ බර අඩු කරගැනීම සඳහා ව්‍යායාම ප්‍රධාන සාධකයක් වෙනවා. නමුත්, ව්‍යායාම කරන්නේ නැතිවත් බර අඩු කරගන්න පුලුවන් කියලා ඇහුවොත් ඔබ පුදුම වේවි. යම් අසනීපයක් හෝ කාර්ය බහුල නිසා හෝ ඔබට ව්‍යායාම කරන්න අපහසු නම්, ඔබට තවමත් හැකියාව තිබෙනවා ව්‍යායාම කිරීමෙන් තොරව බර අඩු කරගන්න. ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන ශක්තිය මනින්නේ කැලරි වලින්. ඔබ ආහාර වලින් ලබාගන්නා කැලරි ප්‍රමාණය දිනකට 500 බැගින් අඩු කලහොත්, සතියක් තුළදී ඔබේ බර ග්‍රෑම් 450 කින් අඩු වෙනවා. ඔබ දිනකට ගන්නා කැලරි ප්‍රමාණය 1000 කින් අඩු කලහොත්, සතියක් තුළදී ඔබගේ බර ග්‍රෑම් 900 කින් අඩු කරගන්න පුලුවන්. නමුත්, ඔබ කාන්තාවක් නම්, දිනකට කැලරි 1200 කට…


විවාහකයන්ගේ හදවත් නිරෝගියි!

ඔබ දන්නවාද? ඔබ විවාහක අයෙක් නම්, ඔබේ හදවත අවිවාහක අයෙකුගේ හදවතට වඩා සෞඛ්‍ය සම්පන්නයි. ඔබ විවාහක කාන්තාවක් නම්, ඔබේ හදවත වඩාත් සෞඛ්‍ය සම්පන්න වෙනවා. මෙසේ වෙන්නේ ඇයි? ෆින්ලන්තයේ ටර්කු විශ්ව විද්‍යාල රෝහලේ (The Turku University Hospital in Finland) පර්යේෂකයන් කණ්ඩායමක් වසර 1993 සහ 2002 අතර කාලයේදී පර්යේෂණයක් පවත්වා තිබෙනවා. එහි මූලිකත්වය ගෙන තිබෙන්නේ වෛද්‍ය ඒනෝ ලැමින්ටෝස්ටා (Dr. Aino Lammintausta). ඔවුන් හෘදයාබාධ වැළඳුනු රෝගීන් 15,300 ක ගෙන් තොරතුරු රැස් කරගෙන තිබෙනවා. එම රෝගීන් අතරින් 7,700 ක් පමණ හෘදයාබාධය වැළඳී දින 28 ක් තුළ මිය ගිහින්. ඔවුන් සොයාගත් තොරතුරු විශ්මය ජනකයි. විවාහක පිරිමි අයට වඩා, අවිවාහක පිරිමි අයට හෘදයාබාධ වැළඳීමට 58-66% ක…