Articles by වෛද්‍ය නාලක ප්‍රියන්ත

ක්ෂුද්‍ර අංශභාගය ගැන මදක් දැනගනිමු.

ක්ෂුද්‍ර අංශභාගය (Mini stroke/Transient ischaemic attack/TIA) සමග ඇතිවන රෝග ලක්ෂණ, අංශභාගය හෙවත් ආඝාතය සමග ඇතිවන රෝග ලක්ෂණ වලට සමානය. නමුත්, ක්ෂුද්‍ර අංශභාගයේදී ඇතිවන රෝග ලක්ෂණ පැය 24 ක කාලයක් තුළදී පහව යයි. කෙසේ වුවත්, මෙම තත්ත්වය හටගැනීම, නුදුරු දිනකදී ඇතිවන දරුණු අංශභාගයක් පිළිබඳ අනතුරු හැඟවීමක් බව අමතක නොකළ යුතුය. එම නිසා, ක්ෂුද්‍ර අංශභාග තත්ත්වයක් ඇතිවුවහොත්, හැකි ඉක්මනින් රෝහල්ගත වීමට අවශ්‍ය වන අතර, හදිසි වෛද්‍යමය අවස්ථාවක් (Medical emergency) ලෙස සලකා ප්‍රතිකාර කිරීම කළ යුතුවේ. ක්ෂුද්‍ර අංශභාගය වැළඳුනු සෑම රෝගියෙකුම ඉක්මනින් වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවට ලක්විය යුතුය. වෛද්‍යවරයෙකුට එවැනි රෝගියෙක් ABCD2 මිනුම (ABCD2 scale) භාවිතයෙන් තක්සේරුවකට ලක් කළ හැකිය.   ABCD2 මිනුම යනු කුමක්ද?…


අධිකව ඔසප් වීම සිදුවන්නේ ඇයි?

සාමාන්‍යයෙන්, බොහොමයක් කාන්තාවන්ට තම ඔසප් වීම සිදුවීමේදී වැඩිපුර රුධිරය වහනය වීම සහ මද වේදනාවක් හටගැනීම සිදුවන දිනක් හෝ දින කිහිපයක් පවතිනු දැකිය හැක. නමුත්, අධිකව ඔසප් වීම (Menorrhagia) සුලබව හටගන්නා තත්ත්වයක් නොවේ. මෙම අධිකව ඔසප් වීම, ආර්තවරීතය හෙවත් ප්‍රදරය ලෙසද හඳුන්වනු ලැබේ. ඔබටත් මෙම ගැටළුව පවතිනවා නම්, ඇතැම් විට පැයකට වරක් සනීපාරක්ෂක තුවායක් මාරු කිරීමට තරම් රුධිර වහනය අධිකව සිදුවන අවස්ථා ඇති බවට ඔබට අත්දැකීම් තිබිය හැක. ඇතැම් විටෙක, ඔබේ එදිනෙදා කටයුතු වලට බාධා වන තරම් වේදනාවක් ද ඒ සමග ඇතිවිය හැක. ඇතැම් සෞඛ්‍ය තත්ත්ව සහ රෝග හේතුවෙන් අධිකව ඔසප් වීම ඇතිවිය හැකි අතර, අධිකව ඔසප් වීම නිසාද සංකූලතා හටගැනීම…


සුදුලූණු ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය වාසි

සුදුලූණු (Garlic) යනු ශ්‍රී ලාංකීය ආහාර වලට නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. ඇතැම් විටෙක, සුදුලූණු රසවත් ව්‍යංජනයක් ලෙසද සකස් කරන අවස්ථා දැකිය හැක. සැබැවින්ම, සුදුලූණු ආහාරයට ගැනීමෙන් සෞඛ්‍යමය වාසි ලැබෙනවාද? සුදුලූණු වලින් ලැබෙන සෞඛ්‍යමය වාසි මොනවාදැයි පර්යේෂණාත්මක සාක්ෂි මගින් සරළව පැහැදිලි කිරීම මෙම ලිපියෙහි අරමුණ වේ. කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා රුධිර වාහිනී සිහින් වීමේ රෝගය atherosclerosis ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම, මෙය ක්‍රමයෙන් වයස්ගත වීමේදී සිදුවනු දැකිය හැක. මෙහිදී, රුධිර වාහිනී බිත්ති වල නම්‍යශීලීතාවය ක්‍රමයෙන් අඩුවන අතර, හෘදයාබාධය (Heart attack) සහ අංශභාගය (Stroke) වැනි දරුණු රෝග හටගැනීමට පවතින අවදානම ද වැඩිවේ. සුදුලූණු වලට atherosclerosis තත්ත්වය ඇතිවීම අඩුකිරීමට හැකියාව පවතින බවට පර්යේෂණාත්මක සාධක පවතී….


ඔබේ පාද වල මහත ව්‍යායාම කිරීමෙන් තොරව අඩුකර ගන්න ක්‍රමයක්

ඇතැම් අයට පාද මහතට පිහිටීම ගැටළුවක් වනු දැකිය හැක. සැබැවින්ම, ඔබේ පාද වල මහත අඩුකර ගැනීම සඳහා ඔබ ගන්නා කැලරි ප්‍රමාණය අඩුකර ගත යුතු අතර, දිවිය හොඳින් සක්‍රීයව ගතකිරීමට ද අවශ්‍ය වේ. නමුත්, මේ සඳහා ව්‍යායාම ශාලාවක (Gymnasium) ව්‍යායාම කිරීම හෝ විශේෂිත ව්‍යායාම වැඩසටහනක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. සාමාන්‍යයෙන්, ඇමරිකානු හෘද සංගමය (American Heart Association or AHA) නිර්දේශ කරන්නේ වැඩිහිටියෙක් සතියකට අවම වශයෙන් විනාඩි 150 ක් වත් ඇවිදීම, බයිසිකල් පැදීම වැනි මධ්‍යම ප්‍රමාණයේ තීව්‍රතාවයකින් යුතු ශාරීරික ක්‍රියාකාරකම් (Moderate-intensity physical activities) කළ යුතු බවයි. නමුත්, ඔබේ බර අඩුකර ගැනීම සඳහා ඉවහල් වන සහ ඔබේ සමස්ථ සෞඛ්‍යය වැඩිදියුණු කරන සරළ ක්‍රියාකාරකම්…


ක්‍රීඩකයෙකුට ශාරීරික යෝග්‍යතාවය වැදගත් වන්නේ ඇයි?

ක්‍රීඩකයෙක් යනු ඕනෑම ආකාරයක ව්‍යායාමයක හෝ ක්‍රීඩාවක දක්ෂ ලෙස නියැලීමට හැකියාව ඇති පුද්ගලයෙකු හැඳින්වීමට යොදන තනි වචනයකි. සාමාන්‍යයෙන්, ක්‍රීඩකයෙක් මනා ශාරීරික යෝග්‍යතාවයකින් යුතු විය යුතු අතර, ශාරීරික යෝග්‍යතාවය (Physical fitness) පවත්වා ගැනීමට සහ එය ක්‍රමයෙන් වැඩිදියුණු කරගැනීමට ද උනන්දුවෙන් කටයුතු කළ යුතුය. සැබැවින්ම, අතිශය තරඟකාරීත්වයක් තිබෙන ක්‍රීඩාවක ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට නම්, මනා ශාරීරික යෝග්‍යතාවයක් තිබිය යුතුමය. ලෝකයේ ඉහළ තලයක සිටින සෑම ක්‍රීඩකයෙකුම ශාරීරික යෝග්‍යතාවයට ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදෙන අතර, ඔවුන් ශාරීරික යෝග්‍යතාවය වැඩිදියුණු කරගැනීමට යොදාගන්නා ව්‍යායාම වැඩසටහන් සඳහා දිනකට පැය කිහිපයක්ම වෙන්කරනු දැකිය හැක. එවැනි පළමු පෙළ ක්‍රීඩකයන් ඇදීම් (Strains) වලට ඔරොත්තු දෙන ආකාරයට සිරුර සකස් කරගැනීම සහ ඉහළ ප්‍රතිඵල ලබාගැනීමට…


දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් කුමක් කළ යුතුද?

මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවීම විවිධ හේතූන් මත සිදුවිය හැක. එවැනි හේතූන් අතර මුත්‍රල පද්ධතියේ ආසාදන (Urinary tract infections or UTIs), ජනනේන්ද්‍රිය ආශ්‍රිත උද්දීපනය වීමක් (Irritation) , තුවාළයක්, හෝ අනතුරක්, හෝ මුත්‍රා ගල් ආදිය පැවතිය හැක. කෙසේ වුවත්, මුත්‍රා කරන විට වේදනාවක් හටගැනීමට ප්‍රධානතම හේතුව වන්නේ මුත්‍රල පද්ධතියේ හටගන්නා ආසාදනයන්ය. සැබැවින්ම, ඔබේ දරුවාට මුත්‍රා කරන විට වේදනාවක් ඇතිවෙනවා නම් ඔබ කුමක් කළ යුතුද?   රෝග ලක්ෂණ මුත්‍රා පිටකරන විට දැවිල්ලක් හෝ වේදනාවක් ඇතිවීම. වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා පිටකිරීම. දැඩි ගන්ධයක් සමග, රුධිරය මුසුවූ, හෝ තද පැහැති මුත්‍රා පිටවීම. උණ හෝ වෙව්ලීම හටගැනීම. ආහාර රුචිය අඩුවීම හෝ දරුවාගේ ක්‍රියාකාරීත්වය…


මත්පැන් භාවිතයෙන් ඇතිවන අතුරු ආබාධ කිහිපයක් ගැන දැනගනිමු.

නිතර මත්පැන් භාවිතයෙන් විෂාදය (Depression), විජලනය මෙන්ම, අධිකව මත්පැන් පානය කිරීම මගින් අක්මාව තුළ සිරෝසිස් තත්ත්වය ඇතිවිය හැක. එමෙන්ම, මත්පැන් මගින් ඇතිවන වෙරිමත, වෙරිමතින් පසුව එන අසනීපමය ස්වභාවය (Hangover), සහ උදරයේ ඇතිවන අපහසුතා ද අමතක කළ නොහැක. කෙසේ වුවත්, මත්පැන් භාවිතයෙන් ඔබ නොසිතන ආකාරයේ සෞඛ්‍ය ගැටළු ද ඇතිවන බව අමතක නොකළ යුතුය. මෙම සෞඛ්‍ය ගැටළු හටගැනීම සඳහා අතිශයින් බීමත් වීමද අත්‍යාවශ්‍ය කාරණයක් නොවේ. සාමාන්‍යයෙන්, ඇල්කොහොල් මගින් සිරුරේ හටගන්නා විෂ රසායන (Toxins) මුළුමනින්ම සිරුරෙන් ඉවත් වීම සඳහා දින 7-10 ක් පමණ ගතවන බව පර්යේෂණ මගින් පෙනීගොස් ඇති කරුණකි. මෙම ලිපියෙන් පැහැදිලි කිරීමට බළාපොරොත්තු වන්නේ මත්පැන් භාවිතයෙන් ඇතිවන එතරම් ප්‍රචලිත නොවන අතුරු…


යළි අංශභාගය වැළඳීම වළක්වා ගන්නේ කෙසේද?

ශ්‍රී ලංකාවේ රෝහල් ගතවීමෙන් අනතුරුව සිදුවන මරණ වලින් 8.4% ක් සිදුවන්නේ අංශභාගය හෙවත් ආඝාතය (Stroke) නිසාවෙනි. සැබැවින්ම, එය දෙවැනි වන්නේ හෘද රෝග සහ පිළිකා නිසා සිදුවන මරණ සංඛ්‍යාවට පමණි. එමෙන්ම, එක් වරක් අංශභාගය වැළඳුනහොත්, නැවත වරක් අංශභාගය වැළඳීමට ද වැඩි අවදානමක් පවතී. නමුත්, ඇතැම් වැදගත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම මගින්, අංශභාගය වැළඳීමට ඇති අවදානම අඩු කරගැනීමට හැකිවනවා මෙන්ම, ඔබේ සෞඛ්‍ය තත්ත්වය ද තවදුරටත් වැඩිදියුණු කරගැනීමට හැකිවේ. එක්වරක් අංශභාගය වැළඳුන අයෙක් යළි අංශභාගය වැළඳීම වළක්වා ගැනීම සඳහා කුමක් කළ යුතුදැයි මෙම ලිපියෙන් මදක් විමසා බලමු.   ඔබගේ සෞඛ්‍ය ගැටළු වලට නිසිලෙස ප්‍රතිකාර ලබාගන්න. ඔබට දැනටමත් අධික රුධිර පීඩනය (Hypertension or high…


එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ්දැරීමේ හැකියාව පවතින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට වැළඳෙන රෝග තත්ත්වයක් බව පෙර ලිපියෙන් ඔබට පැහැදිලි වන්නට ඇත. බොහෝවිට, මද වශයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ඇති කාන්තාවන් හට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. නමුත්, මෙම රෝගය වැළඳුනු ඇතැම් අයට, වේදනාව සහ වෙනත් ගැටළු ඇති වනු දැකිය හැක. එන්ඩොමෙට්‍රියෝසිස් සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේ දැයි පැහැදිළි කිරීම මෙම ලිපියෙහි අරමුණයි. ඔබට එකවරම යටිබඩ ආශ්‍රිතව දැඩි වේදනාවක් එකවරම ඇතිවුණි නම්, හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුවේ. ඔබට පහත සඳහන් රෝග ලක්ෂණ පවතී නම්, ඔබේ වෛද්‍යවරයා හෝ ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වී උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න. පෙර වේදනාවකින් තොරව සිදු වූ ඔසප්වීම, වේදනාකාරී වීමට…


එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය ගැන මදක් දැනගනිමු.

එන්ඩොමෙට්‍රියෝසිස් (Endometriosis) යනු ගැබ් දැරිය හැකි වයසේ සිටින කාන්තාවන්ගෙන් ඇතැමෙකුට (10% කට පමණ) උද්ගත වන ගැටළුකාරී තත්ත්වයකි. මෙහිදී, ගර්භාෂයේ ආස්තරය සාදන පටක ගර්භාෂයෙන් පිටත ද වර්ධනය වීම දැකිය හැක. මෙම තත්ත්වයේදී සැමවිටම රෝග ලක්ෂණ ඇතිවීමක් දක්නට නොලැබෙන අතර, සාමාන්‍යයෙන් එන්ඩොමෙට්‍රියෝසිස් තත්ත්වය භයානක හෝ අනතුරුදායක තත්ත්වයක් නොවේ. මෙම තත්ත්වය සුළු වශයෙන් පවතින විට කිසිඳු රෝග ලක්ෂණයක් ඇති නොවේ. කෙසේ වුවත්, අන් අවස්ථා වලදී වේදනාව සහ වෙනත් ගැටළු ඇතිවීමට ඉඩ ඇත. ගර්භාෂ ආස්තරයේ පටක ගර්භාෂයෙන් පිටත වර්ධනය වීම, රෝපණ (Implants) ලෙස හැඳින්වේ. බොහෝවිට, මෙසේ ගර්භාෂ ආස්තරයේ පටක වර්ධනය වන්නේ ඩිම්බ කෝෂ, ෆැලෝපීය නාල (Fallopian tubes), ගර්භාෂයේ පිටත පෘෂ්ඨය, බඩවැල්, සහ උදර කුහරය…


කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?

ශ්‍රී ලාංකීය අපට ආහාර පිසීමේදී කරපිංචා යනු නැතිවම බැරි ස්වාභාවික රසකාරකයකි. කරපිංචා ආහාරයට ගන්නේ ශ්‍රී ලාංකිකයන් පමණක් නොවේ. එය, ඉන්දියාව ඇතුළු ඇතැම් ආසියාතික රටවල ද රසකාරකයක් ලෙස බහුලව භාවිතා වේ. බොහෝවිට, කරපිංචා පමණක් ආහාරයක් ලෙස පිසීම දක්නට නොලැබෙන අතර, ආහාර පිසීමේදී අනෙකුත් ස්වාභාවික රසකාරක සමග මිශ්‍රව භාවිතා කරනු දැකිය හැක. කෙසේ වුවත්, ඇතැම් අය කරපිංචා කැඳ වැනි ආහාර පිළියෙල කරනු දක්නට ලැබේ. සැබැවින්ම, කරපිංචා ඔබේ සෞඛ්‍යයට ගුණදායක වන්නේ කෙසේද?   ඔක්සිකාර ආතති අධ්‍යයනය (Oxidative stress study) 2007 වසරේදී රසායන-ජෛව අන්තර්ක්‍රියා (Chemico-Biological Interactions) සඟරාවේ පල වූ සත්ත්වයන් යොදාගෙන සිදුකල පර්යේෂණයක ප්‍රතිඵල අනුව කරපිංචා පත්‍ර වල යුෂ ඔක්සිකාර ආතතිය (Oxidative stress) අඩුකරන…


කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීමට හැකි ආහාර සැලසුමක්

කිලෝග්‍රෑම් 18-20 ක් අඩුකර ගැනීම යනු එතරම් පහසු කාර්යයක් නොවේ. මක්නිසාද, ඒ සඳහා සැලකිය යුතු කාලයක් සහ කැපවීමක් අවශ්‍ය වන අතර, සතියකට කිලෝග්‍රෑම් එකකට වඩා අඩුකර ගැනීමට උත්සාහ කිරීම ද එතරම් සෞඛ්‍ය සම්පන්න නොවන බව කිව යුතුය. එම සීඝ්‍රතාවයට වඩා වැඩි අගයකින් බර අඩුකර ගැනීමේදී මාංශ පේශි ක්ෂය වීම, වෙහෙසකර බව හා සිරුර දුර්වල වීම, සහ අඩු වූ බර නැවත වැඩිවීමට ඇති ප්‍රවණතාවය වැඩිවීම වැනි අවාසි සහගත ප්‍රතිඵල ලැබිය හැක. සැබැවින්ම, බර අඩුකර ගැනීම සඳහා ඔබ නිරාහාරව සිටින බවක් සිරුරට සහ මනසට නොදැනෙන පරිදි, කැලරි ප්‍රමාණය අඩුකර ගතහැකි ආහාර සැලසුමක් අනුගමනය කිරීම කළ යුතුවේ. එනම්, පළතුරු, එළවළු, කුරුට්ට සහිත ධාන්‍ය,…


මාංශ පේශි උළුක්කුවක් හඳුනාගන්නේ කොහොමද?

එදිනෙදා වැඩකටයුතු, බර එසවීම, ව්‍යායාම කිරීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් කිරීමේදී ඇතැම් විට මාංශ පේශි උළුක්කු වීම් ඇතිවනු දැකිය හැක. මාංශ පේශි උළුක්කුවක්, ඇදීමක්, හෝ ඉරී යාමක් ලෙසින් අදහස් වන්නේ මාංශ පේශියකට හෝ එහි පේශි කණ්ඩරා (Tendons) වලට හානියක් සිදුවීමයි. ඔබ එදිනෙදා වැඩකටයුතු, බරක් එසවීම, ක්‍රීඩාවක්, හෝ වෙනත් කාර්යයක් සිදුකරන විටෙකදී මාංශ පේශියක් මත අධික ආතතියක් ඇතිවීම නිසා මාංශ පේශි උළුක්කුවක් ඇතිවිය හැක. මාංශ පේශි උළුක්කුවකදී පේශි තන්තු වල සහ පේශි කණ්ඩරාවේ කොටසක් හෝ ඒවා සම්පූර්ණයෙන්ම ඉරී යන අවස්ථා ද පවතී. මෙසේ මාංශ පේශියක් ඉරී යාමේදී එහි පවතින කුඩා රුධිර වාහිනී වලට හානි සිදුවීම මගින් ස්ථානීය රුධිර වහනයක් හෝ තැල්මක් මෙන්ම,…