හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?

හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?
හෘදයාබාධයක් යනු ඔබගේ ජීවිතය අතරමග නතර කිරීමට හෝ ඔබව සදාකාලික රෝගියෙක් බවට පත්කිරීමට සමත් භයානක රෝගී තත්ත්වයකි. එමනිසා හෘදයාබාධයක් ඇතිවීම වලක්වා ගැනීම වැදගත් වේ. ඔබගේ ජීවන රටාව මදක් වෙනස් කිරීමෙන් හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩුවන බව ඔබ දන්නවාද? ජීවන රටාවේ වෙනස්කම් මගින් හෘදයාබාධයක් ඇතිවීම සියයට සියයක්ම වලක්වන්නේ නැතිමුත් හෘදයාබාධයක් හටගැනීමේ අවදානම සැලකිය යුතු ලෙස පහත දමයි.
  • දුම්පානය හෘදයාබාධ ඇතිවීම සමග තදින්ම සම්බන්ධ බැවින් දුම්පානය සම්පූර්ණයෙන්ම නවතා දමන්න.
  • අධික ලෙස මත්පැන් පානය කිරීම හෘදයාබාධ හටගැනීමේ අවදානම වැඩි කරයි. එමනිසා ඔබ මත්පැන් පානය කරන්නේ නම් එය අඩුකිරීම හෝ නවතා දැමීම සුදුසුය.
  • දිනකට අවම වශයෙන් විනාඩි 30ක් වත් වේගයෙන් ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම, හෝ පිහිනීම වැනි ව්‍යායාමයක යෙදීම හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩු කරයි.
  • වැඩිපුර එළවළු, පළතුරු, සහ ප්‍රෝටීන අඩංගු සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුභව කරන්න. සීනි සහ කොලෙස්ටරෝල් ඇතුළු අහිතකර මේද වැඩිපුර අන්තර්ගත ආහාර අනුභව කිරීම අවම කරන්න.
  • ඔබට දැනටමත් අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෝ අධි රුධිර කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්ව ඇත්නම්, ඔබට හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම වැඩිය. එමනිසා රුධිර පීඩනය, සීනි මට්ටම, සහ කොලෙස්ටරෝල් මට්ටම ඖෂධ, ව්‍යායාම, සහ සෞඛ්‍ය සම්පන්න ආහාර පුරුදු මගින් පාලනය කිරීම උචිත වේ.

 

නමුත් හෘදයාබාධ ඇතිවීමේ අවදානම වැඩිකරන ඇතැම් සාධක ඔබට වෙනස් කල නොහැක. ඒවා නම්:
  • වයස
  • ස්ත්‍රී පුරුෂ භාවය
  • ඔබ අයත්වන ජන වර්ගය
  • පවුළේ සාමාජිකයෙකුට හෘදයාබාධයක් වැළඳි තිබීම.

 

(ඡායාරූප අනුග්‍රහය: Sinn Féin)

 

සබැඳි ලිපි:

මානසික ආතතිය හෘදයාබාධ වලට අත වනයි!
විවාහකයන්ගේ හදවත් නිරෝගියි!
හරිත තේ (Green Tea) ගුණයිද?

 

© 2016 – 2020, සුව සෙවන. සියලු හිමිකම් ඇවිරිණි.

කර්තෘ ගැන...

වෛද්‍ය නාලක ප්‍රියන්ත
වෛද්‍ය නාලක ප්‍රියන්ත 'සුව සෙවන' වෙබ් අඩවියේ කර්තෘවරයා වේ. ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය යටතේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙස සේවය කල අතර, දැනට ඩෙන්මාර්කයේ වාසය කරයි. ප්‍රජා සත්කාරයක් ලෙස, ඔහු 2012 වසරේ සිටම සෞඛ්‍යය හා සබැඳිව අන්තර්ජාලයේ ලිපි පළකරයි.

පළමුවෙන්ම ඔබේ අදහස දක්වන්න. "හෘදයාබාධයක් ඇතිවීමේ අවදානම අඩුකර ගන්නේ කෙසේද?" පිළිබඳ ඔබේ අදහස්

ඔබගේ අදහස් දක්වන්න.

ඔබගේ E-mail ලිපිනය නිරාවරණය නොවන බව සලකන්න.


*